1190. කවර ධර්මයෝ සාරම්මණ වෙති යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යැ විඥානස්කන්ධ යි. මේ ධර්මයෝ සාලම්බනයෝ යි.
1191. කවර ධර්මයෝ අනාලම්බන වෙති යත්:
හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ අනාලම්බනයෝ යි.
1192. කවර ධර්මයෝ චිත්ත වෙති යත්:
චක්ෂුර්විඥාන යැ ශ්රෝත්රවිඥාන යැ ඝ්රාණවිඥාන යැ ජිහ්වාවිඥාන යැ කායවිඥාන යැ මනෝධාතු යැ මනෝවිඥානධාතු යි. මේ ධර්මයෝ චිත්තයෝ යි.
1193. චිත්ත නො වූ ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු චිත්ත නො වූ ධර්මයෝ යි.
1194. කවර ධර්මයෝ චෛතසික වෙති යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යි. මේ ධර්මයෝ චෛතසිකයෝ යි.
1195. කවර ධර්මයෝ අචෛතසික වෙති යත්:
චිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ අචෛතසිකයෝ යි.
1196. කවර ධර්මයෝ චිත්තසම්ප්රයුක්ත වෙති යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යි. මේ ධර්මයෝ චිත්ත සම්ප්රයුක්තයෝ යි.
1197. කවර ධර්මයෝ චිත්තවිප්රයුක්ත වෙති යත්:
හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ චිත්තවිප්රයුක්තයෝ යැ. චිත්තය චිත්තය හා සම්ප්රයුක්ත යැ යි ද ච්ත්තයෙන් විප්රයුක්ත යැයි ද නො කියැ යුතු යැ.
1198. කවර ධර්මයෝ චිත්තසංසෘෂ්ට වෙති යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යි. මේ ධර්මයෝ චිත්තසංසෘෂ්ටයෝ යි.
1199. කවර ධර්මයෝ චිත්තවිසංසෘෂ්ට වෙති යත්:
හැම රූප දඅසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ චිත්තවිසංසෘෂ්ටයෝ යැ. චිත්තය සිත හා සංසෘෂ්ට යයි ද සිත හා විසංසෘෂ්ට යයි ද නො කියැ යුතු යැ.
1200. චිත්තසමුට්ඨාන ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යළි චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්ථාන වූ යම් අන්ය රූපයෙක්ත් ඇද්ද, රූපායතන යැ ශබ්දායතන යැ ගන්ධායතන යැ රසායතන යැ ස්පෘෂ්ටව්යායතන යැ ආකාශධාතු යැ අබ්ධාතු යැ රූපයාගේ ලඝුතා යැ රූපයාගේ මෘදුතා යැ රූපයාගේ කර්මණ්යතා යැ රූපයාගේ උපචය යැ රූපයාගේ සන්තති යැ කවලීකාරාහාර යැ යන මේ ධර්මයෝ චිත්තසමුත්ථානයෝ යි.
1201. කවර ධර්මයෝ චිත්තසමුත්ථාන නො වෙති යත්:
චිත්තය ද අවශේෂරූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ චිත්ත සමුත්ථාන නො වූවාහු වෙත්.
1202. කවර ධර්මයෝ චිත්තසහභූ වෙති යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යන මේ ධර්මයෝ චිත්ත සහභූ (සිත හා එක් ව උපදනාහු) වෙත්.
1203. කවර ධර්මයෝ චිත්තසහභූ නො වෙති යත්:
චිත්තය ද අවශේෂ රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ සිත හා එක් වැ නූපදනාහු වෙත්.
1204. කවර ධර්මයෝ චිත්තානුපරිවර්ති වෙති යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යන මේ ධර්මයෝ චිත්තානුපරිවර්තීහු වෙත්.