1179. කවර ධර්මයෝ පරාමාස වෙති යත්:
දෘෂ්ටි පරාමර්ශයයි.
1180. එහි දෘෂ්ටිපරාමර්ශ කවරේ යත්:
ස්කන්ධ සඞ්ඛ්යාත ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ ඒ මැ ජීව යැ ඒ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ සත්ත්වයා මරණින් මතුයෙහි වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්වයා මරණින් මතුයෙහි වන්නේත් නො ද වන්නේත් වේ යයි හෝ සත්ත්වයා මරණින් මතුයෙහි නො මැ වෙයි නො වන්නේ නො වේ යයි හෝ මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්ඵන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් කුන්මාර්ගයෙක් මිත්ථ්යාපථයෙක් මිත්ථ්යාත්වයෙක් තීර්ත්ථායතනයෙක් විපර්ය්යාසග්රාහයෙක් ඇද්ද, මේ දෘෂ්ටිපරාමර්ශය යි කියනු ලැබේ. හැම මිථ්යාදෘෂ්ටි දෘෂ්ටිපරාමර්ශ යි. මේ ධර්මයෝ පරාමර්ශයෝ යි.
1181. කවර ධර්මයෝ පරාමාස නො වෙති යත්:
ඒ පරාමාස ධර්මයන් තබා අවශේෂ කාමාවචර රූපාවර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්යාකෘත ධර්මයෝ යැ වේදනාස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ පරාමාස නො වෙත්.
1182. කවර ධර්මයෝ පරාමෘෂ්ට වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්රව කුශලාකුශලාව්යාකෘත ධර්මයෝ යැ රූපස්කන්ධයැ ... විඥානස්කන්ධ යැ යන මේ ධර්මයෝ පරාමෘෂ්ටයෝ යි.
1183. කවර ධර්මයෝ අපරාමෘෂ්ට වෙති යත්:
අපරියාපන්න වූ මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ අපරාමෘෂ්ටයෝ යි.
1184. කවර ධර්මයෝ පරාමර්ශසම්ප්රයුක්ත වෙති යත්:
යම් ධර්ම කෙනෙක් ඒ පරාමර්ශ ධර්මයන් හා සම්ප්රයුක්ත වූවාහු ද, වේදනාස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ යන මේ ධර්මයෝ පරාමර්ශසම්ප්රයුක්තයෝ යි.
1185. කවර ධර්මයෝ පරාමර්ශවිප්රයුක්ත වෙති යත්:
යම් ධර්ම කෙනෙක් ඒ පරාමර්ශ ධර්මයන්ගෙන් විප්රයුක්ත වූවාහු ද, වේදනාස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ පරාමර්ශවිප්රයුක්තයෝ යි.
1186. කවර ධර්මයෝ පරාමර්ශ වූවාහු ද පරාමෘෂ්ට වූවාහු ද වෙති යත්:
ඒ පරාමර්ශ මැ පරාමර්ශ ද පරාමෘෂ්ට ද වෙත්.
1187. කවර ධර්මයෝ පරාමෘෂ්ට වූවාහු ද නො ද පරාමර්ශ වූවාහු ද වෙති යත්:
ඒ පරාමර්ශ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් පරාමෘෂ්ට වෙත් ද ඒ ධර්මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර සාස්රව වූ කුශලාකුශලාව්යාකෘත ධර්මයෝ යැ, රූපස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ යන මේ ධර්මයෝ පරාමෘෂ්ට ද නො ද පරාමර්ශ ද වෙත්.
1188. කවර ධර්මයෝ පරාමර්ශ විප්රයුක්ත වූ පරාමෘෂ්ටයෝ වෙති යත්:
ඒ ධර්මයන්ගෙන් යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වෙත් ද, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්රව කුශලාකුශලාව්යාකෘත ධර්මයෝ යැ, රූපස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ යන මේ ධර්මයෝ පරාමර්ශවිප්රයුක්ත වූ පරාමෘෂ්ටයෝ යි.
1189. කවර ධර්මයෝ පරාමර්ශවිප්රයුක්ත අපරාමෘෂ්ටයෝ වෙති යත්:
අපර්ය්යාපන්න වූ මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ පරාමර්ශවිප්රයුක්ත වූ අපරාමෘෂ්ටයෝ යි.
පරාමාස ගොච්ඡක යි.
1190. කවර ධර්මයෝ සාරම්මණ වෙති යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යැ විඥානස්කන්ධ යි. මේ ධර්මයෝ සාලම්බනයෝ යි.
1191. කවර ධර්මයෝ අනාලම්බන වෙති යත්:
හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ අනාලම්බනයෝ යි.
1192. කවර ධර්මයෝ චිත්ත වෙති යත්:
චක්ෂුර්විඥාන යැ ශ්රෝත්රවිඥාන යැ ඝ්රාණවිඥාන යැ ජිහ්වාවිඥාන යැ කායවිඥාන යැ මනෝධාතු යැ මනෝවිඥානධාතු යි. මේ ධර්මයෝ චිත්තයෝ යි.
1193. චිත්ත නො වූ ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු චිත්ත නො වූ ධර්මයෝ යි.
1194. කවර ධර්මයෝ චෛතසික වෙති යත්:
වේදනාස්කන්ධ යැ සංඥාස්කන්ධ යැ සංස්කාරස්කන්ධ යි. මේ ධර්මයෝ චෛතසිකයෝ යි.
1195. කවර ධර්මයෝ අචෛතසික වෙති යත්:
චිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ අචෛතසිකයෝ යි.