982. ඒ චක්ඛුන්ද්රියරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ... තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ ඒ චක්ෂුරින්ද්රියරූපයි.
983. ඒ සෝතින්ද්රියරූපය ... ඝානින්ද්රිය ... ජිව්හින්ද්රිය ... කායින්ද්රිය ... ඉත්ථින්ද්රිය ... පුරිසින්ද්රිය ... ජීවිතින්ද්රියරූපය කවරේ යත්:
ඒ රූපීධර්මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඊර්ය්යාපථයෙක් වර්තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්ද්රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්ද්රියරූප යි.
984. ඒ ඉන්ද්රිය නො වූ සප්රතිඝරූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්රෂ්ටව්යායතන යි. මේ ඒ ඉන්ද්රිය නො වූ සප්රතිඝරූප යි.
985. ඒ ඉන්ද්රිය නො වූ අප්රතිඝරූපය කවරේ යත්:
කායවිඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්ද්රිය නො වූ අප්රතිඝරූප යි.
මෙසේ දශප්රකාරයෙකින් රූපසඞ්ග්රහය වේ.
දශකය යි.
986. ඒ චක්ඛායතන රූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ... තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ ඒ චක්ෂුරායතන රූපයි.
987. ඒ සෝතායතනරූපය ... ඝානායතන ... ජිව්හායතන ... කායායතන ... රූපායතන ... සද්දායතන ... ගන්ධායතන ... රසායතන ... ඵොට්ඨබ්බායතනරූපය කවරේ යත්:
පෘථිවිධාතු ය ... තෙල ස්ප්රෂ්ටව්යධාතු නමුදු වේ. මේ ඒ ස්ප්රෂ්ටව්යායතනරූප යි.
988. ඒ අනිදස්සන අප්පටිඝ වූ ධම්මායතනපරියාපන්න රූපය කවරේ යත්:
ස්ත්රීන්ද්රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ අනිදර්ශන අප්රතිඝ වූ ධර්මායතනපර්ය්යාපන්නරූප යි.
මෙසේ ඒකාදශප්රකාරයෙකින් රූපසඞ්ග්රහය වේ.
ඒකාදශකය යි.
රූපකාණ්ඩය නිමි.
අටවැනි බණවර යි.
3. නික්ෂේපකාණ්ඩය
989. කවර ධර්මයෝ කුශල වෙති යත්:
අලෝභ ය අදෝස ය අමෝහ ය යන තුන් කුශලමූලයෝ ය. උන් (ඒ අලෝභාදීන්) හා සම්ප්රයුක්ත වූ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ ය, ඒ අලෝභාදීන් විසින් සමුත්ථිත වූ කායකර්ම ය වාක්කර්මය මනඃකර්ම ය, මේ ධර්මයෝ කුශලයෝ යි.
990. කවර ධර්මයෝ අකුශල වෙති යත්:
ලෝභ ය දෝසය මෝහ ය යන තුන් අකුශලමූලයෝ ය, තදේකස්ථ (ඒ ලෝභාදිය සමග එක් සිතෙක සිටියා) වූ ක්ලේශයෝ ය, ඒ ලෝභාදීන් හා සම්ප්රයුක්ත වු වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ ය, ඒ ලෝභාදීන් විසින් සමුත්ථිත වූ කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම ය, මේ ධර්මයෝ අකුශලයෝ යි.
991. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
කාමාවචර වූ රූපාවචර වූ අරූපාවචර වූ අපරියාපන්න වූ (තුන් වටහි ඇතුළු නො වු ) කුශලාකුශලධර්මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ ය, නො ම කුශලාකුශල වූ නො ද කර්මවිපාක වූ යම් ධර්ම කෙනෙක් වෙත් ද, ඔහු ද, සියලු රූපය ද අසඞ්ඛතධාතු (නිවන ) ද, යන මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.