977. රූපායතනය චක්ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්රොතවිඥෙයරූපය, ගන්ධායතනය ඝ්රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, ස්ප්රෂ්ටව්යායතනය කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්ධායතනය රසායතනය ස්ප්රෂ්ටව්යායතන මනෝධාතුවිඥේය (ත්රිවිධ මනෝධාතුයෙන් දත හැකි) රූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.
මෙසේ සප්තප්රකාරයෙකින් රූපසඞ්ග්රහය වේ.
සප්තකය යි.
978. රූපායතනය චක්ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්රොතවිඥෙයරූපය, ගන්ධායතනය ඝ්රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, සුවපහස් වූ මනවඩවන පහස කායවිඥේයරූප ය, දුක්පහස් වූ නො මනවඩවන පහස කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්ධායතනය රසායතනය ස්ප්රෂ්ටව්යායතන මනෝධාතුවිඥෙයරූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.
මෙසේ අෂ්ටප්රකාරයෙකින් රූපසඞ්ග්රහය වේ.
අෂ්ටකය යි.
979. ඒ චක්ඛුන්ද්රියරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ... තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ ඒ චක්ෂුරින්ද්රියරූපයි.
980. ඒ සෝතින්ද්රියරූපය ... ඝානින්ද්රිය ... ජිව්හින්ද්රිය ... කායින්ද්රිය ... ඉත්ථින්ද්රිය ... පුරිසින්ද්රිය ... ජීවිතින්ද්රියරූපය කවරේ යත්:
ඒ රූපීධර්මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරීයනයෙක් වර්තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්ද්රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්ද්රියරූප යි.
981. ඒ ඉන්ද්රිය නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්ද්රිය නො වූ රූප යි.
මෙසේ නවප්රකාරයෙකින් රූපසඞ්ග්රහය වේ.
නවකය යි.
982. ඒ චක්ඛුන්ද්රියරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ... තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ ඒ චක්ෂුරින්ද්රියරූපයි.
983. ඒ සෝතින්ද්රියරූපය ... ඝානින්ද්රිය ... ජිව්හින්ද්රිය ... කායින්ද්රිය ... ඉත්ථින්ද්රිය ... පුරිසින්ද්රිය ... ජීවිතින්ද්රියරූපය කවරේ යත්:
ඒ රූපීධර්මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඊර්ය්යාපථයෙක් වර්තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්ද්රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්ද්රියරූප යි.
984. ඒ ඉන්ද්රිය නො වූ සප්රතිඝරූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්රෂ්ටව්යායතන යි. මේ ඒ ඉන්ද්රිය නො වූ සප්රතිඝරූප යි.
985. ඒ ඉන්ද්රිය නො වූ අප්රතිඝරූපය කවරේ යත්:
කායවිඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්ද්රිය නො වූ අප්රතිඝරූප යි.
මෙසේ දශප්රකාරයෙකින් රූපසඞ්ග්රහය වේ.
දශකය යි.
986. ඒ චක්ඛායතන රූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ... තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ ඒ චක්ෂුරායතන රූපයි.