818. ඒ බාහිර රූපායතනරූපය කවරේ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද ... තෙලෙ රූපධාතු නමුදු වේ. මේ ඒ බාහිර රූපායතනරූප යි.
819. ඒ බාහිර රූපායතන නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපායතන නො වූ රූප යි.
820. ඒ අධ්‍යාත්මික ශබ්දායතන නො වූ ... ගන්‍ධායතන නො වූ ... රසායතන නො වූ ... ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
821. ඒ බාහිර ඵොට්ඨබ්බායතන රූපය කවරේ යත්:
පෘථිවිධාතු ය ... තෙලෙ ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
822. ඒ බාහිර ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
ආයතන ත්‍රිකයෝ යි.
823. ඒ බාහිර චක්ඛුධාතු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.
824. ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතුරූප යි.
825. ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු නො වූ රූපය කවරේ යත්:
ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.
826. ඒ බාහිර සෝතධාතු නො වූ රූපය ... ඝානධාතු නො වූ ... ජිව්හාධාතු නො වූ ... කායධාතු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායධාතු නො වූ රූප යි.
827. ඒ අධ්‍යාත්මික කායධාතු රූපය කවරේ යත්:
කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායධාතු රූප යි.
828. ඒ අධ්‍යාත්මික කායධාතු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායධාතු නො වූ රූප යි.
829. ඒ අධ්‍යාත්මික රූපධාතු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපධාතු නො වූ රූප යි.
830. ඒ බාහිර රූපධාතු රූපය කවරේ යත්:
රූපායතන යි. මේ ඒ බාහිර රූපධාතු රූප යි.
831. ඒ බාහිර රූපධාතු නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපධාතු නො වූ රූප යි.
832. ඒ අධ්‍යාත්මික ශබ්දධාතු නො වූ ... ගන්‍ධධාතු නො වූ ... රසධාතු නො වූ ... ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූප යි.