812. ඒ අධ්යාත්මික චක්ඛායතනරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වේ ද ... තෙලෙ ‘ශුන්යග්රාම’ නමුදු වේ. මේ ඒ අධ්යාත්මික චක්ෂුරායතන රූප යි.
813. ඒ අධ්යාත්මික චක්ඛායතන නො වූ රූපය කවරේ යත්:
ශ්රෝත්රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්යාත්මික චක්ෂුරායතන නො වූ රූප යි.
814. ඒ බාහිර සෝතායතන නො වූ ... ඝානායතන නො වූ ... ජිව්හායතන නො වූ ... කායායතන නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායායතන නො වූ රූප යි.
815. ඒ අධ්යාත්මික කායායතනරූපය කවරේ යත්:
යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ද ... තෙලෙ ශුන්යග්රාම නමුදු වේ. මේ ඒ අධ්යාත්මික කායායතනරූප යි.
816. ඒ අධ්යාත්මික කායායතන නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්යාත්මික කායායතන නො වූ රූප යි.
817. ඒ අධ්යාත්මික රූපායතන නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්යාත්මික රූපායතන නො වූ රූප යි.
818. ඒ බාහිර රූපායතනරූපය කවරේ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද ... තෙලෙ රූපධාතු නමුදු වේ. මේ ඒ බාහිර රූපායතනරූප යි.
819. ඒ බාහිර රූපායතන නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපායතන නො වූ රූප යි.
820. ඒ අධ්යාත්මික ශබ්දායතන නො වූ ... ගන්ධායතන නො වූ ... රසායතන නො වූ ... ස්ප්රෂ්ටව්යායතන නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්යාත්මික ස්ප්රෂ්ටව්යායතන නො වූ රූප යි.
821. ඒ බාහිර ඵොට්ඨබ්බායතන රූපය කවරේ යත්:
පෘථිවිධාතු ය ... තෙලෙ ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ බාහිර ස්ප්රෂ්ටව්යායතනරූප යි.
822. ඒ බාහිර ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ප්රෂ්ටව්යායතන නො වූ රූප යි.
ආයතන ත්රිකයෝ යි.