යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට වස්තු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට වස්තු වූයේ ඇත, කායසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඥානයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥානයට වස්තු වූයේ ඇත, කායවිඥානයට වස්තු නො වූයේ ඇති.
වස්තු ත්‍රික යි. (25)
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායසඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට. … කායවිඥානයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥානයට අරමුණු වූයේ ඇත, කායවිඥානයට අරමුණු නො වූයේ ඇති.
ආලම්බන ත්‍රික යි. (25)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන වූයේ ඇත, චක්‍ෂුරායතන නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන වූයේ ඇත, ශ්‍රෝත්‍රායතන නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ඝ්‍රාණායතන නො වූයේ ය … ජිව්හායතන නො වූයේ ය … කායායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායායතන වූයේ ඇත, කායායතන නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපායතන නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය රූපායතන වූයේ ඇත, රූපායතන නො වූයේ ඇති.