යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායසඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට. … කායවිඥානයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥානයට අරමුණු වූයේ ඇත, කායවිඥානයට අරමුණු නො වූයේ ඇති.
ආලම්බන ත්‍රික යි. (25)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන වූයේ ඇත, චක්‍ෂුරායතන නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන වූයේ ඇත, ශ්‍රෝත්‍රායතන නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ඝ්‍රාණායතන නො වූයේ ය … ජිව්හායතන නො වූයේ ය … කායායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායායතන වූයේ ඇත, කායායතන නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපායතන නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය රූපායතන වූයේ ඇත, රූපායතන නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දායතන නො වූයේ ය. … ගන්‍ධායතන නො වූයේ ය … රසායතන නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යායතන වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ඇති.
ආයතන ත්‍රික යි. (10)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුධාතු වූයේ ඇත, චක්ඛුධාතු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රොතධාතු නො වූයේ ය. … ඝ්‍රාණධාතු නො වූයේ ය. … ජිහ්වාධාතු නො වූයේ ය. … කායධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායධාතු වූයේ ඇත, කායධාතු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපධාතු වූයේ ඇත, රූපධාතු නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දධාතු නො වූයේ ය. … ගන්‍ධධාතු නො වූයේ ය … රසධාතු නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යධාතු වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ඇති.
ධාතු ත්‍රික යි. (10)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය වූයේ ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූයේ ය … ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූයේ ය … ජිහ්වේන්‍ද්‍රිය නො වූයේ ය … කායේන්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායේන්‍ද්‍රිය වූයේ ඇත, කායේන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය වූයේ ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය වූයේ ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය වූයේ ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ඇති.
ඉන්‍ද්‍රිය ත්‍රික යි. (8)