554. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ කාමරාග ව්යාපාදයන්ගේ තුනුබව පිණිස, (සකෘදාගාමි සඞ්ඛ්යාත) ද්විතීයභූමියට පැමිණීම පිණිස, ... කාමරාගව්යාපාදයන්ගේ නිරවශේෂප්රහාණය පිණිස, (අනාගාමීමාර්ග සඞ්ඛ්යාත) තෘතීයභූමියට පැමිණීම පිණිස ... රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිද්යාවගේ නිරවශේෂප්රහාණය පිණිස, (අර්හන්මාර්ග සඞ්ඛ්යාත) චතුර්ත්ථභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අඤ්ඤින්ද්රිය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ශුන්යත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අඤ්ඤාතාවින්ද්රිය වෙයි ... අවික්ෂේපය වේ ... තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්ය සමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
555. කවරෙක් එසමයෙහි ස්පර්ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්ශයෙක් ස්පර්ශාකාරයෙක් මොනවට ස්පර්ශ කරන බවෙක් මොනවට ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්ශ වේ.
556. කවරෙක් එසමයෙහි අඤ්ඤාතාවින්ද්රිය වෙයි යත්:
ඒ අඤ්ඤාතාවින්ගේ (සම්ප්රයුක්ත) ධර්මයන් අතුරෙහි මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ යම් දැනීමෙක් ප්රඥායෙක් පජානනයෙක් විචයයෙක් පවිචයයෙක් ධර්මවිචයයෙක් සංලක්ෂණයෙක් උපලක්ෂණයෙක් ප්රත්යුපලක්ෂණයෙක් පාණ්ඩිත්යයෙක් කෞශල්යයෙක් නෛපුණයයෙක් වෛභව්යයෙක් චින්තායෙක් උපපරීක්ෂායෙක් භූරීප්රඥායෙක් ධාරණප්රඥායෙක් පරිණායිකායෙක් විදර්ශනායෙක් සම්යග්ඥානයෙක් පතෝදයෙක් ප්රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්රඥාබලයෙක් ප්රඥාශාස්ත්රයෙක් ප්රඥාප්රාසාදයෙක් ප්රඥාආලෝකයෙක් ප්රඥාවභාසයෙක් ප්රඥාප්රද්යොතයෙක් ප්රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියෙක් ධර්මවිචයසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අඤ්ඤාතාවින්ද්රිය වේ. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
ලෝකෝත්තරවිපාක යි.
[අකුශලවිපාක පඤ්චවිඥාන]
557. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන උපේක්ෂා සහගත වු චක්ෂුර්විඥානය උපදනේ වේ ද ... ශබ්දාලම්බන උපේක්ෂා සහගත වු ශ්රෝතවිඥානය උපදනේ වේ ද ... ගන්ධාලම්බන උපේක්ෂා සහගත වු ඝ්රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන උපේක්ෂා සහගත වු ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්රෂ්ටව්යාලම්බන උපේක්ෂා සහගත වු කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්රතාව වෙයි, මනින්ද්රියය වෙයි, දුක්ඛින්ද්රියය වෙයි, ජීවිතේන්ද්රියය වේ. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
558. කවරෙක් එසමයෙහි ස්පර්ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්ශයෙක් ... මේ එසමයෙහි ස්පර්ශ වේ.
559. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප කායවිඥානධාතු සංස්පර්ශයෙන් උපන් යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක්, කායසංස්පර්ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ ...
560. කවරෙක් එසමයෙහි දුඃඛ වෙයි යත්:
එසමයෙහි යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක්, කායසංස්පර්ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුඃඛ වේ ...