[අකුශලවිපාක පඤ්චවිඥාන]
557. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන උපේක්‍ෂා සහගත වු චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද ... ශබ්දාලම්බන උපේක්‍ෂා සහගත වු ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන උපේක්‍ෂා සහගත වු ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන උපේක්‍ෂා සහගත වු ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන උපේක්‍ෂා සහගත වු කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, දුක්ඛින්‍ද්‍රියය වෙයි, ජීවිතේන්‍ද්‍රියය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
558. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
559. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ ...
560. කවරෙක් එසමයෙහි දුඃඛ වෙයි යත්:
එසමයෙහි යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුඃඛ වේ ...
561. කවරෙක් එසමයෙහි දුක්ඛින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුක්ඛින්‍ද්‍රිය වේ ... තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම කායවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
562. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
අකුශලවිපාකපඤ්චවිඥානයෝ යි.
[අකුශලවිපාකමනෝධාතු]
563. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ විපාක මනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...