[විසිමහනය]
529. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ ලෝකෝත්තර වූ මාර්ගය වඩා ද ... ලෝකෝත්තර වූ සතිපට්ඨානය වඩා ද ... ලෝකෝත්තර වූ සම්යක්ප්රධානය වඩා ද ... ලෝකෝත්තර වූ ඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර වූ ඉන්ද්රියය වඩා ද ... ලෝකෝත්තර වූ බලය වඩා ද ... ලෝකෝත්තර වූ බෝධ්යඞ්ග වඩා ද ... ලෝකෝත්තර වූ සත්යය වඩා ද ලෝකෝත්තර වූ ශමථය වඩා ද ...... ලෝකෝත්තර වූ ධර්මය වඩා ද ... ලෝකෝත්තර වූ ස්කන්ධය වඩා ද ... ලෝකෝත්තර වූ ආයතන වඩා ද ... ලෝකෝත්තර වූ ධාතුව වඩා ද ... ලෝකෝත්තර වූ ආහාරය වඩා ද ... ලෝකෝත්තර වූ ස්පර්ශය වඩා ද ... ලෝකෝත්තර වූ වේදනාව වඩා ද ... ලෝකෝත්තර වූ සංඥාව වඩා ද ... ලෝකෝත්තර වූ චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ශුන්යත වූ විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද ... අනිමිත්ත වූ .... අප්රණිහිත වූ (ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ ... අව්යාකෘතයෝ යි.
විසිමහනය යි.
[ඡන්දාධිපතෙය්ය සුද්ධික පටිපදා]
530. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ඡන්දය අධිපති කොට ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ශුන්යත වූ ඡන්දය අධිපති කොට ඇති විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ ... අව්යාකෘතයෝ යි.
531. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ඡන්දය අධිපති කොට ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්දය අධිපති කොට ඇති විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ ... අව්යාකෘතයෝ යි.
532. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථම භූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ඡන්දය අධිපති කොට ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අප්රණිහිත වූ ඡන්දය අධිපති කොට ඇති විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ ... අව්යාකෘතයෝ යි.
533. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට ... චතුර්ත්ථධ්යානයට ... ප්රථමධ්යානයට ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ඡන්දය අධිපති කොට ඇති පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ශුන්යත වූ ඡන්දය අධිපති කොට ඇති (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ඡන්දය අධිපති කොට ඇති (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්දය අධිපති කොට ඇති (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ඡන්දය අධිපති කොට ඇති (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අප්රණිහිත වූ ඡන්දය අධිපති කොට ඇති (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.