244. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ සුවර්‍ණදුර්‍වණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
245. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ සුවර්‍ණදුර්‍වණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
මේද අට්ඨක්ඛත්තුකයෙකි.
246. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ නිල් වූ නිල් වන් වූ හුදුනිල් වූ නිල්පැහැ වූ බැහැරි රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
247. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතප්‍රභ වූ බාහ්‍යරූපයන් දකී ද ... ලෝහිතක වූ ලෝහිතකවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකප්‍රභ වූ ... අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතප්‍රභ වූ (බාහ්‍ය) රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
මේ අභිභායතනයෝත් සෝළසක්ඛත්තුකයෝ යි.
[විමෝක්‍ෂ සොළසක්ඛත්තුකය]
248. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපධ්‍යාන ඇතියේ (බාහ්‍ය වූ ද) රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
249. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්‍මයෙහි රූපසංඥා රහිත වූයේ බාහ්‍ය රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
250. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුභ ය යි කසිණ අරමුණෙහි නිසල වූයේ වේ ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
මේ තුන් විමෝක්‍ෂයෝත් සෝළසක්ඛත්තුකයෝ යි.
[බ්‍රහ්මවිහාරධ්‍යාන සොළසක්ඛත්තුකය]
251. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.