246. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්යාත්මරූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ නිල් වූ නිල් වන් වූ හුදුනිල් වූ නිල්පැහැ වූ බැහැරි රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්රථමධ්යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
247. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්යාත්මරූපයෙහි පරිකර්මසංඥා රහිත වූයේ පීත වූ පීතවර්ණ වූ පීතනිදර්ශන වූ පීතප්රභ වූ බාහ්යරූපයන් දකී ද ... ලෝහිතක වූ ලෝහිතකවර්ණ වූ ලෝහිතකනිදර්ශන වූ ලෝහිතකප්රභ වූ ... අවදාත වූ අවදාතවර්ණ වූ අවදාතනිදර්ශන වූ අවදාතප්රභ වූ (බාහ්ය) රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්රථමධ්යානයට පැමිණ වෙසේද, එකල්හි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
මේ අභිභායතනයෝත් සෝළසක්ඛත්තුකයෝ යි.
[විමෝක්ෂ සොළසක්ඛත්තුකය]
248. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්යාත්මරූපධ්යාන ඇතියේ (බාහ්ය වූ ද) රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්රථමධ්යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
249. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, අධ්යාත්මයෙහි රූපසංඥා රහිත වූයේ බාහ්ය රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්රථමධ්යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
250. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සුභ ය යි කසිණ අරමුණෙහි නිසල වූයේ වේ ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්රථමධ්යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
මේ තුන් විමෝක්ෂයෝත් සෝළසක්ඛත්තුකයෝ යි.
[බ්රහ්මවිහාරධ්යාන සොළසක්ඛත්තුකය]
251. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්රීසහගත ප්රථමධ්යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.