[චතුක්කනය]
160. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපභවයෙහි උප්පත්තිය පිණිස මාර්ගය වඩා ද - කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශලධර්මයන්ගෙන් වෙන් වැ මැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්රීතිය හා සුඛය ඇති පඨවීකසිණ සඞ්ඛ්යාත වූ ප්රථමධ්යානය උපදවා වෙසේ ද, ඒ ප්රථමධ්යානය උපදවා වෙසෙන ඇසිල්ලෙහි (මහද්ගත භාවයට පැමිණි) ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වෙයි ... මේ ධර්මයෝ කුශලයෝ යි.
161. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්ගය වඩා ද - විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ උතුම් එකඟබව වඩන අවිතර්ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්රිතීසුඛය ඇති පඨවිකසිණ සඞ්ඛ්යාත ද්විතීයධ්යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, ප්රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්රතාව වෙයි, ශ්රද්ධේන්ද්රිය වෙයි, වීර්ය්යෙන්ද්රිය වෙයි, ස්මෘතීන්ද්රිය වෙයි, සමාධීන්ද්රිය වෙයි, ප්රඥේන්ද්රිය වෙයි, මනින්ද්රිය වෙයි, සෝමනස්සින්ද්රිය වෙයි, ජීවිතේන්ද්රිය වෙයි, සම්යග්දෘෂ්ටිය වෙයි, සම්යග්ව්යායාමය වෙයි ... ප්රග්රාහය වෙයි ... අවික්ෂේපය වේ. තවද එසමයෙහි ප්රතීත්යසමුත්පන්න වූ අන්ය වූ ද යම් අරූපීධර්ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්මයෝ කුශලයෝ යි.
තවද එසමයෙහි ස්කන්ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්ද්රියයෝ අටදෙනෙක් වෙති, තිවඞ්ගික ධ්යානය වෙයි, චතුරඞ්ගික මාර්ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ස්පර්ශයෙක් වෙයි ... එක් මැ ධර්මායතනය වෙයි, එක් මැ ධර්මධාතුව වේ. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්මයෝ කුශලයෝ යි ...
162. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්ධ වෙයි, යත්:
ස්පර්ශ ය චේතනා ය ප්රීති ය චිත්තෛකාග්රතා ය ශ්රද්ධේන්ද්රිය ය වීර්ය්යෙන්ද්රිය ය ස්මෘතීන්ද්රිය ය සමාධීන්ද්රිය ය ප්රඥේන්ද්රිය ය ජීවිතේන්ද්රිය ය සම්යග්දෘෂ්ටි ය සම්යග්ව්යායාම ය ... ප්රග්රාහ ය ... අවික්ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්ධය තබා සංඥාස්කන්ධය තබා විඥානස්කන්ධය තබා අන්ය වූ ද යම් ප්රතීත්යසමුත්පන්න වූ අරූපීධර්ම කෙනෙක් හෝ වෙත් නම් - මේ එසමයෙහි සංස්කාරස්කන්ධ වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි …
163. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්ගය වඩා ද - ප්රීතිය ගේ ද විරාගයෙන් උපේක්ෂා ඇතියේත් සිහි ඇතියේත් සම්යග්ඥාන ඇතියේත් වෙසේ ද, නාමකායයෙන් සුඛයත් විඳී ද, ආර්ය්යයෝ යමක් හේතුකොටගෙන ඔහු ‘උපේක්ෂකය ස්මෘතිමත් ය, සුඛවිහරණ ඇත්තේය’යි පවසත් ද, ඒ පඨවිකසිණ සඞ්ඛ්යාත තෘතීයධ්යානය උපදවා වෙසේ ද - එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි සුඛය වෙයි, චිත්තෛකාග්රතා වෙයි, ශ්රද්ධේන්ද්රිය වෙයි, වීර්ය්යෙන්ද්රිය වෙයි, ස්මෘතීන්ද්රිය වෙයි, සමාධීන්ද්රිය වෙයි, ප්රඥේන්ද්රිය වෙයි, මනින්ද්රිය වෙයි, සෝමනස්සින්ද්රිය වෙයි, ජීවිතේන්ද්රිය වෙයි, සම්යග්දෘෂ්ටිය වෙයි, සම්යග්ව්යායාමය වෙයි, ... ප්රග්රාහය වෙයි, අවික්ෂේපය වෙයි. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්මයෝ කුශලයෝ යි …
තවද එසමයෙහි ස්කන්ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්ද්රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්යානය වෙයි, චතුරඞ්ගික මාර්ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්ශයෙක් වෙයි, ... එක් මැ ධර්මායතනය වෙයි, එක් මැ ධර්මධාතුව වෙයි. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්මයෝ කුශලයෝ යි ...
164. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්ධ වෙයි යත්:
ස්පර්ශ යැ චේතනා යැ චිත්තෛකාග්රතා යැ ශ්රද්ධේන්ද්රිය යැ වීර්ය්යෙන්ද්රිය යැ ස්මෘතීන්ද්රිය යැ සමාධීන්ද්රිය යැ ප්රඥේන්ද්රිය යැ ජීවිතේන්ද්රිය යැ සම්යග්දෘෂ්ටි යැ සම්යග්ව්යායාම යැ ... ප්රග්රාහ යැ අවික්ෂේප යැ, තවද එසමයෙහි වේදනාස්කන්ධය තබා සංඥාස්කන්ධය තබා විඥානස්කන්ධය තබා අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් වෙත් ද - මේ එසමයෙහි සංස්කාරස්කන්ධය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
165. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්ගය වඩා ද - සුඛයාගේ ද ප්රහාණයෙන් දුඃඛයා ගේ ද ප්රහාණයෙන් පෙර (උපචාරක්ෂණයෙහි) මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්ෂා වෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති පඨවිකසිණ සඞ්ඛ්යාත චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද - එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්රතාව වෙයි, ශ්රද්ධේන්ද්රිය වෙයි, වීර්ය්යෙන්ද්රිය වෙයි, ස්මෘතීන්ද්රිය වෙයි, සමාධීන්ද්රිය වෙයි, ප්රඥේන්ද්රිය වෙයි, මනින්ද්රිය වෙයි, උපේක්ෂේන්ද්රිය වෙයි, ජීවිතේන්ද්රිය වෙයි, සම්යග්දෘෂ්ටිය වෙයි, සම්යග්ව්යායාමය වෙයි ... ප්රග්රාහය වෙයි, අවික්ෂේපය වේ. තවද එසමයෙහි අන්ය වූ ද යම් ප්රතීත්යසමුත්පන්න වූ අරූපීධර්ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්මයෝ කුශලයෝ යි.