[ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගත චිත්තය]
575. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
576. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගත චිත්තය යි.
[කාමාවචරක්‍රියා]
577. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අමොහ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
578. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත ව ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥානධාතුව) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
කාමාවචරක්‍රියා යි.
[රූපාවචරක්‍රියා]
579. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
580. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
රූපාවචරක්‍රියා යි.
[අරූපාවචරක්‍රියා]
581. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති අරූපාවචර ධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්‍ව සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන්, ආකාසානඤ්චායතන සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.