සුඤ්ඤතවාරො
121. තවද එසමයෙහි ධර්‍මයෝ වෙති, ස්කන්‍ධයෝ වෙති, ආයතනයෝ වෙති, ධාතූහු වෙති, ආහාරයෝ වෙති, ඉන්‍ද්‍රියයෝ වෙති, ධ්‍යානය වෙයි, මාර්‍ගය වෙයි, බලයෝ වෙති, හෙතූහු වෙති, ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, වේදනාස්කන්‍ධය වෙයි, සංඥාස්කන්‍ධය වෙයි, සංස්කාරස්කන්‍ධය වෙයි, විඥානස්කන්‍ධය වෙයි, මනායතනය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, මනෝවිඥානධාතුව වෙයි, ධර්‍මායතනය වෙයි, ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
122. කවරහු එසමයෙහි ධර්‍මයෝ වෙති යත්:
වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි. එසමයෙහි මේ ධර්‍මයෝ වෙත්.
123. කවරහු එසමයෙහි ස්කන්‍ධයෝ වෙති යත්:
වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි. එසමයෙහි මේ ස්කන්‍ධයෝ වෙත්.
124. කවරහු එසමයෙහි ආයතනයෝ වෙති යත්:
මනායතන ය, ධර්‍මායතන යි. එසමයෙහි මේ ආයතනයෝ වෙත්.
125. කවරහු එසමයෙහි ධාතූහු වෙති යත්:
මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. එසමයෙහි මේ ධාතූහු වෙත්.
126. කවරහු එසමයෙහි ආහාරයෝ වෙති යත්:
ස්පර්‍ශාහාර ය, මනස්සංචේතනාහාර ය, විඥානාහාර යි. එසමයෙහි මේ ආහාරයෝ වෙත්.
127. කවරහු එසමයෙහි ඉන්‍ද්‍රියයෝ වෙති යත්:
ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය යි. එසමයෙහි මේ ඉන්‍ද්‍රියයෝ වෙත්.
128. කවරෙක් එසමයෙහි ධ්‍යාන වෙයි යත්:
විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තේකාග්‍රතා යි. එසමයෙහි මේ ධ්‍යානය වේ.
129. කවරෙක් එසමයෙහි මාර්‍ග වෙයි යත්:
සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක් සමාධි යි. එසමයෙහි මේ මාර්‍ගය වේ.
130. කවරහු එසමයෙහි බලයෝ වෙති යත්:
ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල යි. එසමයෙහි මේ බලයෝ වෙත්.
131. කවරහු එසමයෙහි හෙතූහු වෙති යත්:
අලෝභ ය, අද්වේෂ ය, අමොහ යි. එසමයෙහි මේ හෙතූහු වෙත්.
132. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... එසමයෙහි මේ ස්පර්‍ශය වේ.
133. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චෛතසික සාතයෙක් ... එසමයෙහි මේ වේදනාව වේ.
134. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් ... එසමයෙහි මේ සංඥාව වේ.
135. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් ... එසමයෙහි මේ චේතනා වේ.
136. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් ... එසමයෙහි මේ චිත්තය වේ.
137. කවරෙක් එසමයෙහි වේදනාස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසිකසාතයෙක් ... එසමයෙහි මේ වේදනාස්කන්‍ධ වේ.
138. කවරෙක් එසමයෙහි සංඥාස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් සංඥායෙක් ... එසමයෙහි මේ සංඥාස්කන්‍ධ වේ.
139. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය, චේතනා ය ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ.
140. කවරෙක් එසමයෙහි විඥානස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් ... එසමයෙහි මේ විඥානස්කන්‍ධ වේ.