ප්‍රථමචිත්තය යි.
146. කවර දහම්හු කුසල්හ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ද්වීතීයචිත්තය යි.
147. කවර දහම්හු කුසල්හ යත්:
යම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක්සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යත්‍වය වෙයි, චිත්තකර්‍මණ්‍යත්‍වය වෙයි, කායප්‍රාගුණ්‍යය වෙයි, චිත්තප්‍රාගුණ්‍යය වෙයි, කාය ඍජුත්‍වය වෙයි, චිත්ත ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් වෙති, පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගිකමාර්‍ගය වෙයි, බලයෝ සදෙනෙක් වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් ධර්‍මායතනයෙක් වෙයි, එක් ධර්‍මධාතුයෙක් වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
148. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අද්වේෂ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කායඍජුත්‍ව ය, චිත්තඍජුත්‍ව ය, ස්මෘති ය, ශමථ ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තෘතීයචිත්තය යි.
149. කවර දහම්හු කුසල්හ යත්:
යම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
චතුර්‍ත්‍ථචිත්තය යි.
150. කවර දහම්හු කුශලහ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තේකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි,