පළමුවන බණවර යි.
කොට්ඨාසවාරො
58. තවද, එසමයෙහි (ප්රථම මහාකුශල චිත්තය උපදනා කෙණෙහි) ස්කන්ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්ද්රියයෝ අටදෙනෙක් වෙති. පඤ්චාඞ්ගිකධ්යානය වෙයි, පඤ්චාඞ්ගික මාර්ගය වෙයි, බලයෝ සත්දෙනෙක් වෙති, හෙතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්ශයෙක් වෙයි, එක් වේදනායෙක් වෙයි, එක් සංඥායෙක් වෙයි, එක චේතනායෙක් වෙයි, එක් චිත්තයෙක් වෙයි, එක් වේදනාස්කන්ධයෙක් වෙයි, එක සංඥාස්කන්ධයෙක් වෙයි, එක් සංස්කාරස්කන්ධයෙක් වෙයි, එක විඥානස්කන්ධයෙක් වෙයි, එක් මනායතනයෙක් වෙයි, එක් මනින්ද්රියයෙක් වෙයි, එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ධර්මායතනයෙක් වෙයි, එක් ධර්මධාතුයෙක් වෙයි. එසමයෙහි අන්ය වූ ද, ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්මයෝ කුශලයෝ යි.
59. එසමයෙහි කවර ස්කන්ධයෝ සතරදෙනෙක් වෙති යත්:
වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය යන මොහු යි.
60. කවරෙක් එසමයෙහි වේදනාස්කන්ධ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්ශයෙන් උපන් මිහිරි වූ සැප වූ වේදයිතයෙක් චිත්තසංස්පර්ශයෙක් උපන් සාත වූ මධුර වූ සුඛවේදනාවක් වේ ද - මේ එසමයෙහි වේදනාස්කන්ධ වේ.
61. කවරෙක් එසමයෙහි සංඥාස්කන්ධ වෙයි යත්:
එසමයෙහි යම් සංඥායෙක් හැඳිනගන්නා අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි සංඥාස්කන්ධ වේ.
62. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්ධ වෙයි යත්:
ස්පර්ශ ය චේතනා ය විතර්ක ය විචාර ය ප්රීති ය චිත්තේකාග්රතා ය ශ්රද්ධේන්ද්රිය ය වීර්ය්යෙන්ද්රිය ය ස්මෘතීන්ද්රිය ය සමාධීන්ද්රිය ය ප්රඥේන්ද්රිය ය ජීවිතේන්ද්රිය ය සම්යග්දෘෂ්ටි ය සම්යක්සඞ්කල්ප ය සම්යග්ව්යායාම ය සම්යක්ස්මෘති ය සම්යක් සමාධි ය ශ්රද්ධාබල ය වීර්ය්යබල ය ස්මෘතිබල ය සමාධිබල ය ප්රඥාබල ය හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අද්වේෂ ය අමොහ ය අනභිධ්යා ය අව්යාපාද ය සම්යග්දෘෂ්ටි ය හිරි ය ඔත්තප්ප යැ කායප්රශ්රබ්ධි යැ චිත්තප්රශ්රබ්ධි යැ කායලහුතා යැ චිත්තලහුතා යැ කායමෘදුත්ව ය චිත්තමෘදුත්ව ය කායකර්මණ්යතා ය චිත්තකර්මණ්යතා ය කායප්රාගුණ්ය ය චිත්තප්රාගුණ්ය ය කාය-ඍජුත්ව ය චිත්ත-ඍජුත්ව ය ස්මෘති ය සම්යග්ඥාන ය ශමථ ය විදර්ශනා ය ප්රග්රාහ ය අවික්ෂේප යැ, තවද එසමයෙහි වේදනාස්කන්ධය තබා, විඥානස්කන්ධය තබා, අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් ඇද්ද - මේ එසමයෙහි සංස්කාරස්කන්ධ වේ.