8. විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. රූපස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
2. වේදනාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් ... සංඥා ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සංස්කාර ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - විඥාන ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම්, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා සම්ප්‍රයුක්තයෝ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
උද්දානය:
ධර්‍මායතන යැ ද ධර්‍මධාතු යැ යළි ජීවිතේන්‍ද්‍රිය යැ නාම රූප යැ ෂඩායතන යැ ජාතියැ ජරා යැ මරණ යැ (ත්‍රිකදුක) මාතෘකායෙහි දෙ පදයෙකැ පළමුවන චුල්ලන්තර දුකයෙහි සත් වැදෑරුම් වූ පදයෝ යැ ගොච්ඡකයෙහි දස පදයෙකැ අන්‍ය වූ මහන්තර දුකයෙහි තුදුස් පද යැ මත්තෙහි පිට්ඨිදුකයෙහි සපදයෙකැ යන මේ සත්සාළිසක් ප්‍රභේද ගත වූ (අෂ්ට) පදයෝ මෝඝපුච්ඡක නම් වූ මේ නිර්‍දෙශය හා සමග සමුච්ඡේද නම් වූ චුද්දසම නය නිර්දේශයෙහි නො ලැබෙත්.
විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය නිමි.
9. සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. වේදනාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග, එක් ආයතනයක් හා සමග, සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත යෝ යි.
2. විඥානස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් - චක්‍ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
3. සමුදය සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
4. මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... එ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
5. සුඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයෝ යි.
6. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ෂඩ් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත යහ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.