ධාතුකථා ප්‍රකරණය
ඒ භාග්‍යවත් වූ අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
මාතෘකා
1. නය මාතෘකා
සඞ්ග්‍රහ යැ අසඞ්ග්‍රහ යැ, සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත යැ, සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත යැ,
සම්ප්‍රයෝග යැ විප්‍රයෝග යැ, සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත යැ, සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත යැ.
සඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත යැ, සම්ප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත යි.
2. අභ්‍යන්තර මාතෘකා
පඤ්චස්කන්‍ධයෝ යැ, ද්වාදශායතනයෝ යැ, අටළොස් ධාතුහු යැ, සතර සත්‍යයෝ යැ, දෙවිසි ඉන්‍ද්‍රියයෝ යැ, ප්‍රතීත්‍යසමුත්පාද යැ, සතරසතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, සතර ධ්‍යානයෝ යැ, සතර අප්‍රාමාණ්‍යයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ, සප්තබෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ග ය. ස්පර්‍ශ යැ, වේදනා යැ, සංඥා යැ, චේතනා යැ, චිත්ත යැ, අධිමෝක්‍ෂ යැ, මනසිකාර යි.
3. නයමුඛ මාතෘකා
(ස්කන්‍ධ ධාතු ආයතන යන) තුන් පදයෙන් සඞ්ග්‍රහ වෙයි, තුන් පදයෙන් අසඞ්ග්‍රහ වෙයි. සතර අරූපස්කන්‍ධයෙන් සම්ප්‍රයෝග වෙයි, සතර අරූපස්කන්‍ධයෙන් විප්‍රයෝග වේ.
4. ලක්‍ෂණ මාතෘකා
සභාග යැ විසභාග යි.
5. බාහිර මාතෘකා
හැම ධර්‍මසඞ්ගණි මාතෘකා ධාතු කථාවට මාතෘකා යි.
මාතෘකා නිමි.