9. සම්ප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද නිර්දෙශය
1. වේදනාස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් ... සංඥාස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් - සංස්කාරස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම්, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්රයුක්ත වූවාහු ද යත්: ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග, එක් ආයතනයක් හා සමග, සප්ත ධාතූන් හා සමග සම්ප්රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්ත යෝ යි.
2. විඥානස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් ... මනායතනය හා සමග යම් ධර්ම කෙනෙක් - චක්ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් ... මනෝධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් - මනෝවිඥාන ධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග සම්ප්රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.
3. සමුදය සත්යය හා සමග යම් ධර්ම කෙනෙක් ... මාර්ග සත්යය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්රයුක්තයහ, එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.
4. මනින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහුද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... එ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග සම්ප්රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.
5. සුඛින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් ... දුක්ඛින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - සෝමනස්සින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - දෝමනස්සින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්රයුක්තයෝ යි.
6. උපෙක්ඛින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ෂඩ් ධාතූන් හා සමග සම්ප්රයුක්ත යහ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.
7. සද්ධින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් ... විරියින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - සතින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - සමාධින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - පඤ්ඤින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - අඤ්ඤින්ද්රිය භා සමග යම් ධර්ම කෙනෙක් - අඤ්ඤාතාවින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - අවිද්යාව හා සමග යම් ධර්ම කෙනෙක් - අවිද්යාප්රත්යයෙන් වූ සංස්කාරයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්රයුක්තයහ, එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.
8. සංස්කාර ප්රත්යයෙන් වූ විඥානය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග සම්ප්රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.
9. ෂඩායතන ප්රත්යයෙන් වූ ස්පර්ශ හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග සම්ප්රයුක්තයහ, එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.
10. ස්පර්ශ ප්රත්යයෙන් වූ වේදනාව සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.
11. වේදනා ප්රත්යයෙන් වූ තෘෂ්ණාව හා සමග යම් ධර්ම කෙනෙක් ... තෘෂ්ණාප්රත්යයෙන් වූ උපාදානය හා සමග යම් ධර්ම කෙනෙක් - කර්මභවය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු නම් ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයන් භා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්රයුක්තයහ, එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්තයෝ යි.