10. විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. රූපස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍මයන් හා විප්‍රයුක්ත වෙත්.
2. වේදනාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - විඥාන ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - මනායතනය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් … ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දසධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා එක් ධාතුවක් හා ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
3. චක්ඛායතනය හා යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය හා යම් ධර්‍ම කෙනෙක් - චක්ඛු ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් - ඵොට්ඨබ්බ ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
4. චක්ඛුවිඤ්ඤාණධාතුව හා යම් ධර්‍ම කෙනෙක් ... මනෝවිඤ්ඤාණ ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් - සමුදයසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
5. නිරෝධසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් ... චක්ඛුන්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - කායින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
6. මනින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
7. සුඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
8. උපෙක්ඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
9. සද්ධින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
10. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා යම් ධර්‍ම කෙනෙක් ... ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
11. වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානය හා යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.