11. සඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. සමුදය සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්:
ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහුය, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහුය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
2. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: සම්ප්‍රයුක්ත වූ ධර්‍ම කෙනෙක් නැත.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනය හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වූවාහුය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
3. සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහුය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
4. උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
5. සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය විසින් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක් - වේදනාප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක් - තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා ද විප්‍රයුක්ත වූවාහු ය.
6. පරිදේවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: සම්ප්‍රයුක්ත වූ ධර්‍ම කෙනෙක් නැත්තාහ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වූවාහු ද යත්: සතර ස්කන්‍ධයක් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සමග ද විප්‍රයුක්ත වූවාහුය. එක් ආයතනයක් හා සමග ද එක් ධාතුවක් හා කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.