12. සම්ප්රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද නිර්දෙශය
1. වේදනාස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් ... සංඥාස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් ... සංස්කාරස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
2. විඥානස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් ... මනායතනය හා සමග යම් ධර්ම කෙනෙක් … චක්ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් ... මනෝධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් ... මනෝවිඥාන ධාතුව හා යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
3. සමුදය සත්යය හා සමග යම් ධර්ම කෙනෙක් ... මාර්ග සත්යය භා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද, ඒ ධර්මයෝ සතර ස්කන්ධයක් විසින් ආයතනද්වයක් විසින් ධාතුද්වයක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
4. මනින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධද්වයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
5. සුඛින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් ... දුඃඛින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - සෝමනස්සින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - දෝමනස්සින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
6. උපෙක්ඛින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් විසින් ආයතන දෙකක් විසින් සප්ත ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
7. සද්ධින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් ... විරියින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - සතින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - සමාධින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - පඤ්ඤින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - අඤ්ඤින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - අඤ්ඤාතාවින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - අවිද්යාව හා සමග යම් ධර්ම කෙනෙක් - අවිද්යාප්රත්යයෙන් වූ සංස්කාරයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ සතර ස්කන්ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීතත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
8. සංස්කාර ප්රත්යයෙන් වූ විඥානය හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.