13. අසඞ්ගෘහීතයෙන් සම්ප්රයුත්ක විප්රයුක්ත පද නිර්දේශ
1. රූපස්කන්ධය විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධසඞ්ග්රහයෙන් සඞ්ග්රහ නොකරන ලද්දාහු ද ආයතනසඞ්ග්රහයෙන් සඞ්ග්රහ නො කරන ලද්දාහු ද ධාතු සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නො කරන ලද්දාහු ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතුන් හා සමග සම්ප්රයුක්ත වෙත් ද යත්: ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් හා සමග සම්ප්රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්ධාදීන් හා විප්රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්රයුක්ත වෙත්.
2. ධර්මායතනය විසින් යම් ධර්ම කෙනෙක් ... ධර්මධාතුව විසින් යම් ධර්ම කෙනෙක් - ඉත්ථින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක් - පුරිසින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක් - ජීවිතින්ද්රිය විසින් යම් ධර්ම කෙනෙක් - විඥාන ප්රත්යයෙන් වූ නාමරූපය විසින් යම් ධර්ම කෙනෙක් - අසංඥභවය විසින් යම් ධර්ම කෙනෙක් - ඒකවෝකාර භවය විසින් යම් ධර්ම කෙනෙක් - ජාතිය විසින් යම් ධර්ම කෙනෙක් - ජරාව විසින් යම් ධර්ම කෙනෙක් - මරණය විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නො කරන ලද්දාහු ද ආයතන සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නො කරන ලද්දාහු ද ධාතු සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නො කරන ලද්දාහු ද ... ඒ ධර්මයෝ තුන් ස්කන්ධයක් හා සමග සම්ප්රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා සම්ප්රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්ධාදීන් හා විප්රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්රයුක්ත වෙති, එක් ආයතනයක් භා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්රයුක්ත වෙත්.
3. අරූපභවය විසින් යම් ධර්ම කෙනෙක් - නේවසඤ්ඤානාසඤ්ඤා භවය විසින් යම් ධර්ම කෙනෙක් - චතුවෝකාර භවය විසින් යම් ධර්ම කෙනෙක් - ඉද්ධිපාදය විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නොකරන ලද්දාහු ද ආයතන සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නොකරන ලද්දාහු ද ධාතු සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නො කරන ලද්දාහු ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්රයුක්ත වූවාහු ද යත්: (සම්ප්රයුක්ත වන්නාවූ ධර්මයෙක්) නැති.
කෙතෙක් ස්කන්ධාදීන් හා විප්රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්රයුක්ත වෙත්.
4. කුශල ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් ... අකුශල ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සුඛවේදනාව හා සම්ප්රයුක්ත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - දුඃඛවේදනාව හා සම්ප්රයුක්ත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අදුක්ඛමසුඛ (උපේක්ෂා) වේදනාව හා සම්ප්රයුක්ත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - විපාක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - විපාකස්වභාව ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අනුපාදින්න අනුපාදානිය ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සවිතර්ක සවිචාර ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අවිතර්කවිචාරමාත්ර වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ප්රීති සහගත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සුඛසහගත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - උපේක්ෂා සහගත ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - දර්ශනයෙන් (සෝවාන් මඟින්) ප්රහාතව්ය ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - භාවනායෙන් (මතු මාර්ග ත්රයයෙන්) ප්රහාතව්ය ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - දර්ශනයෙන් ප්රහාතව්ය හේතු ඇති ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - භාවනායෙන් ප්රහාතව්ය හේතු ඇති ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ආචයගාමී ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අපචයගාමී ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ශෛක්ෂ වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අශෛක්ෂ වූ ධර්මයන් විසින් ධර්ම කෙනෙක් - මහද්ගත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අප්රමාණවූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - පරිත්තාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මහාද්ගතාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අප්රමාණාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - හීන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ප්රණීත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මිථ්යාත්වනියත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සම්යක්ත්වනියත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මාර්ගාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මාර්ගහේතුක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - මාර්ගාධිපති වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අතීතාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අනාගතාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ප්රත්යුත්පන්නාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අධ්යාත්මාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - බාහිරාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - අධ්යාත්මබාහිරාලම්බන වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සහේතුක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - හේතු සම්ප්රයුක්ත වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - හේතුසම්ප්රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - හේතු නො වූ සහේතුක වූ ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් - ස්කන්ධසඞ්ග්රහයෙන් සඞ්ග්රහ නොකරන ලද්දාහු ද, ආයතන සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නොකරන ලද්දාහු ද, ධාතු සඞ්ග්රහයෙන් සඞ්ග්රහ නොකරන ලද්දාහු ද, ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්රයුක්ත වෙත් ද යත්: (සම්ප්රයුක්ත වන්නා වූ ධර්මයෙක්) නැති.