14. විප්රයුක්තයෙන් සඞ්ගෘහීතා’සඞ්ගෘහීත පද නිර්දෙශය
1. රූපස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වූවාහු ද ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්මයෝ සතර (නාම) ස්කන්ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීතයහ.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් සඞ්ගෘහීත යෝ යි.
2. වේදනාස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් ... සංඥාස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් - සංස්කාර ස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් - විඥානස්කන්ධය භා සමග යම් ධර්ම කෙනෙක් - මනායතනය හා සමග යම් ධර්ම කෙනෙක් - මනින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වූවාහු ද ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්මයෝ අසඞ්ඛතධාතුව ස්කන්ධ සඞ්ඛ්යායෙන් හැරපියා එක් ස්කන්ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර (නාම) ස්කන්ධයන් විසින් එක් මනායතනය විසින් සප්ත ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
3. චක්ඛායතනය හා සමග යම් ධර්ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය හා සමග යම් ධර්ම කෙනෙක් - චක්ඛුධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් - ඵොට්ඨබ්බධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වූවාහු ද ඒ ධර්මයෝ සතර (නාම) ස්කන්ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
4. චක්ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් ... ශ්රෝත්ර විඥානධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් - ඝ්රාණවිඥාන ධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් - ජිහ්වාවිඥානධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් - කායවිඥානධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් - මනෝධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් - මනෝවිඥානධාතුව හා සමග යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ අසඞ්ඛතධාතුව ස්කන්ධ සඞ්ඛ්යායෙන් හැරපියා පඤ්චස්කන්ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීතයෝ යි.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
5. දුඃඛසත්යය හා සමග යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ සතර ස්කන්ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතුන් දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
6. සමුදය සත්යය හා සමග යම් ධර්ම කෙනෙක් ... මාර්ග සත්යය හා සමග යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ අසඞ්ඛතධාතුව ස්කන්ධ සඞ්ඛ්යාවෙන් හැරපියා පඤ්ච ස්කන්ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
7. නිරෝධසත්යය හා සමග යම් ධර්ම කෙනෙක් ... චක්ඛුන්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - කායින්ද්රියය හා සමග යම් ධර්ම කෙනෙක් - ඉත්ථින්ද්රියය හා සමග යම් ධර්ම කෙනෙක් - පුරිසින්ද්රියය හා සමග යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වෙත් ද ... ඒ ධර්මයෝ සතර ස්කන්ධයක් විසින් ආයතන දෙකක් විසින් අෂ්ට ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
8. සුඛින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් ... දුක්ඛින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - සෝමනස්සින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් - දෝමනස්සින්ද්රිය හා සමග යම් ධර්ම කෙනෙක් විප්රයුක්ත වූවාහු ද ... ඒ ධර්මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්ධ සඞ්ඛ්යාවෙන් හැරපියා පඤ්ච ස්කන්ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.