පත්තපිණ්ඩිකඞ්ගකථා
පත්තපිණ්ඩිකංගයද, ‘දුතියකභාජනං පටික්ඛිපාමි, පත්තපිණ්ඩිකඞ්ගං සමාදියාමි’ (දෙවන බඳුනක් පිළිකෙව් කරමි, පත්තපිණ්ඩිකංගය සමාදන් වෙමි.) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.
එම පත්තපිණ්ඩිකයා විසින් වනාහි හුළුකැන් (කැඳ) බොනවිට භාජනයෙක තබා අවුළුපත් ලදහොත් අවුළුපත් හෝ පළමුකොට බිදිය යුතුය, හුළුකැන් හෝ පළමුකොට පිය යුතුය, ඉදින් එම අවුළුපත් හුළුකැන්හි ලූවහොත් පිලීමසුන් සහිත අවුළු ආදිය ලූ විට හුළුකැන් පිළිකුල් වේ. පිළිකුල් නොවන සේ කොට අනුභව කරනු වටී. එහෙයින් එබඳු වූ අවුළුපත් ගැන සලකා මෙසේ කියනලදි, ‘මී සකුරු ආදී යම් කිසිවක් පිළිකුල් නොවේනම් එය හුළුකැන්හි ලිය යුතුය, පිළිගන්නාවිටද සුදුසු පමණට පිළිගත යුතුය. අතින් ගෙන කෑයුතු අමුරිකිලි පවා එසේ නොකොට පාත්රයෙහිම බැහිය යුතුය. දෙවන බඳුනක් පිළිකෙව් කරනලද හෙයින් කොළපතක් තරම් වූද අන් බඳුනක් පරිභෝග කරනු නොවටී’ යනුවෙනි. මේ මෙහි පිළිපදනා විධියි.
ප්රභේද වශයෙන් වනාහි මොහුද ත්රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් උක්දඬු සැපීමේදී හැර, රොඩු පවා ඉවත දැමීම නොවටී. බත්පිඬු, මත්ස්යමාංස, කැවුම් ආදිය පවා අතින් කඩා කෑම නොවටී, මධ්යමයා විසින් එක් අතෙකින් කඩා කෑම වටී, මේ තෙමේ හත්ථයෝගී’ නමි. මෘදුක තෙමේ ‘පත්තයෝගී’ නමි, ඔහු විසින් පාත්රය තුළ බැහිය හැකි සියලුම දෑ අතින් හෝ දතින් කඩා කෑම වටී.
මේ තිදෙනාගේම ධුතංගය දෙවන බඳුනක් ඉවසූ කෙණෙහිම බිදේ. මේ මෙහි භේදයයි.
ආනිසංස මෙසේයි: නොයෙක් රසයන් කෙරෙහි ඇති තෘෂ්ණාව දුරුවීමය, ආහාරයෙහි ගිජු බව දුරලීමය, ආහාරයෙහි ප්රයෝජනය පමණක් දන්නාබවය, තලි තැටි ආදී බඳුන් පරිහරණයෙන් ඇතිවන ගැහැට නැති බවය, නොවිසුරුණු බොජුන් ඇතිබවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලෝම පැවතුම් ඇතිබවය යන මේය.
නානාභාජනවිකෙඛපං - භිත්වා ඔක්ඛිත්තලොචනො
ඛණන්තෙවිය මූලානි රසතණ්හාය සුබ්බතො
ඛණන්තෙවිය මූලානි රසතණ්හාය සුබ්බතො
සරූපං විය සන්තුට්ඨිං ධාරයන්තො සුමානසො
පරිභුඤ්ජෙය්ය ආහාරං කො අඤ්ඤො පත්තපිණ්ඩිකා
පරිභුඤ්ජෙය්ය ආහාරං කො අඤ්ඤො පත්තපිණ්ඩිකා
නොයෙක් බඳුන් පරිහරණයෙහි ඇති ගැහැට දුර හැර පහතට නැඹුරු ඇස් ඇතිව රස තෘෂ්ණාවෙහි මුල් උදුරන සෙයින් මනාව්රත ඇතිව,
මූර්තිමත් සන්තුෂ්ටිය දරමින් මෙන් සොඳුරු සිත් ඇතිව ආහාර අනුභව කරනුයේ පත්තපිණ්ඩිකයා හැර අන් කවරෙක්ද?
මේ පත්තපිංඩිකංගයෙහි සමාදාන-විධාන-ප්රභේද-භේද ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
ඛලුපච්ඡාභත්තිකඞ්ගකථා
ඛලුපච්ඡාභත්තිකංගයද, අතිරිත්තභොජනං පටික්ඛිපාමි, ඛලුපච්ඡාභත්තිකඞ්ගං සමාදියාමි (අමතර බොජුන් පිළිකෙව් කරමි. ඛලුපච්ඡාභත්තිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එක්පාඨයෙකින් සමාදන්විය හැකිය.
ඒ ඛලුපච්ඡාභත්තිකයා විසින් වනාහි බොජුන් පවරාගැනීමෙන් පසු නැවත කැප කරවාගෙන වැළදීම නොකළයුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්රභේද වශයෙන් වනාහි මෙයද, තුන්ආකාර වේ. එහි උත්කෘෂ්ට තෙමේ පළමු පිඬෙහි පවාරණයක් නැති හෙයින්, එය වළදමින් සිටියදී වෙනත් අහරක් පිළිකෙව් කළහොත් පවාරණය සිදුවන හෙයින් පළමුවන පිඬ වළඳා ඉක්බිති (පළමුව කැප කරවාගත් අහරෙහි වුවද) දෙවන පිඬ අනුභව නොකරයි. මධ්යම තෙමේ මෙසේම වෙනත් අහරක් පිළිකෙව් කෙරෙමින් නමුදු පළමුව පවරාගත් බොජුනෙහි දෙවන පිඬ අනුභව කරයි. මෘදුක තෙමේ අසුනෙන් නොනැඟිට සිටිතාක් පිඬු අනුභව කරයි.
බොජුන් පවාරණය කිරීමෙන් පසු වෙනත් අහරක් කැපකරවාගෙන වැළඳූ කෙණෙහි මේ තිදෙනාගේම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.
ආනිසංස මෙසේය: අමතර බොජුන් වැළදීමේදී සිදුවිය හැකි ඇවැත් දුරුවීමය, කෑදරකමින් දුරුවීමය, පසුව කැප කරවාගෙන වළදනු පිණිස ළඟ තබාගත් ආමිෂයක් නැතිබවය යළි අහර සෙවීමක් නැති බවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුකුල පැවතුම් ඇති බවය යන මේය.
පරියෙසනාය ඛෙදං න යාති න කරොති සන්නිධිං ධීරො
ඔදරිකත්තං පජහති ඛලුපච්ඡාභත්තිකො යොගී.
ඔදරිකත්තං පජහති ඛලුපච්ඡාභත්තිකො යොගී.
තස්මා සුගතප්පසත්ථං සන්තොසගුණාදිවුද්ධිසඤ්ජනනං
දොසෙ විධුනිතුකාමො භජෙය්ය යොගී ධුතඞ්ගමිදං
දොසෙ විධුනිතුකාමො භජෙය්ය යොගී ධුතඞ්ගමිදං
බුද්ධිමත් වූ ඛලුපච්ඡාභත්තික යෝගී තෙමේ (නැවත) ආහාර සෙවීමේ ආයාසයට නොපැමිණේ, අහර රැස්කොට ළඟ තබා ගැනීමද නොකරයි, අහරෙහි ගිජුකම් අත්හරියි.
එහෙයින් බුදුන් විසින් පසස්නාලද සතොස් ගුණාදියෙහි වැඩීම ඇතිකරවන මේ ධුතංගය කෙලෙස් දොෂයන් පලවාහරිනු කැමැති රෝගී තෙමේ භජනය කරන්නේය.
මේ ඛලුපච්ඡාභත්තිකංගයෙහි සමාදාන-විධාන-ප්රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
ආරඤ්ඤිකඞ්ගකථා
ආරඤ්ඤිකංගයද ‘ගාමන්තසෙනාසනං පටික්ඛිපාමි, අරඤ්ඤිකඞ්ගං සමාදියාමි’ (ග්රාම සේනාසන පිළිකෙව් කරමි, ආරඤ්ඤිකංගය සමාදන් වෙමි යන මේ දෙපදයෙන් එකෙකින් සමාදානය සිදුවේ.
එම ආරණ්යකයා විසින් ග්රාමාන්ත සේනාසනය හැර ආරණ්යයෙහි අරුණු නැංවිය යුතුය. උපචාරය සමග ගෙන ගමම ග්රාමාන්ත සේනාසන නමි.
ගම නම්, එක්ගෙයක් හෝ බොහෝ ගෙවල් ඇති වැටපවුරුවලින් අවුරනලද හෝ නොලද, මිනිසුන් ඇති හෝ නැති යටත් පිරිසෙයින් සිවුමසකට වැඩි කලක් තවලමක් හෝ වාසය කළ කිසියම් ස්ථානයෙකි.
ග්රාමෝපචාර නම්, ඉදින් ඇවුරුණු ගමෙක, අනුරාධපුරයෙහි මෙන් දොරටු එලිපතු දෙකක් වේනම්, ඇතුල් එලිපත සිට සාමාන්ය බල ඇති මිනිසකු ගැසූ කැටක් වැටෙන තැන්ය. යම්සේ තරුණ ජනයා තම ශක්තිය දක්වමින් අත දිගහැර ගල්කැට විසිකරත්ද, මෙසේ විසිකළ කැටක් වැටෙන තැනින් ඇතුළතයයි විනයධරයෝද, කපුටන් වැලකීමට ගසනලද කැටක් වැටෙන තැන්යයි සෞත්රාන්තිකයෝද එහි ලක්ෂණ කියති. නොඇවුරුණු ගමෙක නම්, අන්තිම කෙළවර පිහිටි ගෙහි දොරකඩ සිටි ස්ත්රියක් බඳුනෙකින් ඉවත ලන දිය වැටෙන තැන ගෘහෝපචාර නම්වේ. එතැන් සිට යට කී නයින් එක් ලෙඩ්ඩුපාතයක් (කැටක් වැටෙන දුර) ගමයි. දෙවන ලෙඩ්ඩුපාතය ග්රාමෝපචාරයයි.