වෙදනාපච්චයාතණ්හාපදවිත්ථාරකථා
‘වෙදනා පච්චයා තණ්හා’ යන පදයෙහි:
රූපතණ්හාදි භෙදෙන ඡ තණ්හා ඉධ දීපිතා
එක්කො තිවිධා තත්ථ පවත්තාකාරතො මතා
එක්කො තිවිධා තත්ථ පවත්තාකාරතො මතා
මෙහිලා රූපතණ්හා ආදි ප්රභේද වශයෙන් තණ්හා සයක් දක්වන ලදි; පවත්නා ආකාරයෙන් එහි එක් එක් තණ්හාවක් තුන් තුන් ආකාර වේ.
(වෙදනා පච්චයා තණ්හා’ යන) මේ පදයෙහි වනාහි, ‘සිටු පුත්රයාය, බ්රාහ්මණ පුත්රයාය’, යනුවෙන් පියාගේ නමින් පුතා හඳුන්වනු ලබන සෙයින් රූපතණ්හා, සද්ද-ගන්ධ-රස-ඵොට්ඨබ්බ-ධම්මතණ්හා යනුවෙන් විභංගයෙහි අරමුණු අනුව නම් වශයෙන් තණ්හා සයක් දක්වන ලදි.
ඒ තණ්හාවන් අතුරෙන් එක් එක් තණ්හාවක් පවත්නා ආකාරයෙන් කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා යනුවෙන් තුන් වැදෑරුම් වෙති’යි දන්නා ලදි. හුදෙක් රූපතණ්හාවම යම් කලෙක චක්ඛු-පථයට පැමිණි රූපාරම්මණයක් කාමාස්වාද වශයෙන් ආස්වාද කැරෙමින් පවතීද, එකල ‘කාමතණ්හා’ නම් වේ; යම් කලෙක එම රූපාරම්මණයම නිත්යය, ශාස්වතයැයි පවත්නා ශාස්වත දෘෂ්ටිය හා සමග පවතීද, එකල ‘භව තණ්හා’ නම් වේ, ශාස්වත දෘෂ්ටි සහගතවූ රාගය ‘භවතණ්හා’ යයි කියනු ලැබේ. යම් කලෙක වනාහි එම අරමුණම සිඳිනු ලබති’යි, විනාශයට යෙති’යි පවත්නා උච්ඡේද දෘෂ්ටිය හා සමග පවත්නේද, එකල ‘විභව තණ්හා’ නම් වේ; උච්ඡේද දෘෂ්ටි සහගත වූ රාගය ‘විභව තණ්හායයි කියනු ලැබේ. මේ නයින්ම සද්ද තණ්හා ආදියද වෙති’යි මේ තණ්හාව අටළොස් වැදෑරුම් වේ.
එම තණ්හාවම අභ්යන්තර රූපාදියෙහි අටළොසෙක, බාහිර රූපාදියෙහි අටළොසෙකැ’යි සතිසෙක් වේ; මේ ආකාරයෙන් අතීත කාලයෙහි සතිසෙක, අනාගත කාලයෙහි සතිසෙක, ප්රත්යුත්පන්නයෙහි සතිසෙකැ’යි තණ්හාව එක්සිය අටවැදෑරුම් වේ. එම තණ්හාවම නැවත පිඬු කරනු ලබන විට රූපාදී වූ අරමුණු වශයෙන් සයෙක, කාමතණ්හා ආදී වශයෙන් තුනෙකැ’යි දතයුතුය.
යම්හෙයකින් මේ සත්ව කෙනෙක් පුතු කෙරෙහි ඇලුමින් පුතු කෙරෙහි මමත්වයෙන් කිරිමවට සංග්රහ කෙරෙත්ද, රූපාදී අරමුණු වශයෙන් උපදනා වේදනාව ආස්වාද කොට වේදනාව කෙරෙහි මමත්වයෙන් රූපාදී වූ අරමුණු සපයන සිත්තරුන්, ගදඹුන්, සුවඳ විලවුන් නිපදවන්නන්, අරක්කැමියන්, පෙහෙරුන්, රසායන බෙහෙත් සාදන වෙදුන් යන ආදීන්හට මහත් සත්කාර කෙරෙත්ද එහෙයින්ම වේදනාව ප්රත්යය කොට ඇති මේ සකලවිධ වූම තණ්හාව හටගනිති’යි දතයුතුය.
යස්මා චෙත්ථ අධිප්පෙතා විපාකසුඛ වෙදනා,
එකාව එකධා චෙසා තස්මා තණ්හාය පච්චයො.
එකාව එකධා චෙසා තස්මා තණ්හාය පච්චයො.
මෙහිලා යම් හෙයින් විපාක සුඛ වේදනාවම අභිප්රේත වූයේද, එහෙයින් මේ එකම වේදනාව එක් අයුරෙකින්ම ප්රත්යය වේ.
‘එකධා’ යනු, උපනිස්සය ප්රත්යය වශයෙන්ම නැතහොත්, යම් හෙයකින්:
දුක්ඛී සුඛං පත්ථයති සුඛී භීය්යොපි ඉච්ඡති
උපෙක්ඛා පන සන්තත්තා සුඛමිච්චෙව භාසිතා
උපෙක්ඛා පන සන්තත්තා සුඛමිච්චෙව භාසිතා
තණ්හාය පච්චයා තස්මා හොන්ති තිස්සොපි වෙදනා
වෙදනා පච්චයා තණ්හා ඉති වුත්තා මහෙසිනා
වෙදනා පච්චයා තණ්හා ඉති වුත්තා මහෙසිනා
වේදනා පච්චයා චාපි යස්මා නානුසයං විනා
හොති තස්මා න සා හොති බ්රාහ්මණස්ස වූසිමතො
හොති තස්මා න සා හොති බ්රාහ්මණස්ස වූසිමතො
දුක්පත් වූයේ සුව පතයි, සුවපත් වූයේ වැඩියෙන් සුව පතයි. උපේක්ෂාව වනාහි ශාන්ත වූ හෙයින් සැපම යයි කියනු ලැබේ.
එහෙයින් වේදනා තුනම තණ්හාවට ප්රත්යය වේ. මෙසේ වෙදනා පච්චයා තණ්හා’යි මහර්ෂීන් විසින් පවසන ලදි.
වේදනාව ප්රත්යය කොටගෙන වුවද, යම් හෙයකින් අනුසයෙන් තොරව තණ්හාව නොවේද, එහෙයින් බඹසර වැස නිමකළ රහතුනට එම තණ්හාව නොවේ.
මේ ‘වෙදනා පච්චයා තණ්හා’ යන පදයෙහි විස්තර කථායි.
තණ්හාපච්චයාඋපාදානපදවිත්ථාරකථා
‘තණ්හා පච්චයා උපාදානං’ යන පදයෙහි:-
උපාදානානි චත්තාරි තානි අත්ථවිභාගතො,
ධම්මසඞ්ඛෙප විත්ථාරා කමතො ච විභාවයෙ
ධම්මසඞ්ඛෙප විත්ථාරා කමතො ච විභාවයෙ
උපාදාන සතරෙකි, එම සතර අර්ත්ථ විභාග වශයෙන්ද, උපාදාන ධර්මයන් පිළිබඳව සංක්ෂේප වශයෙන් හා විස්තර වශයෙන්ද, ක්රම වශයෙන්ද විස්තර කරන්නේයි.
මේ එහි විස්තරාර්ත්ථකථනයයි:- කාමූපාදානය, දිට්ඨූපාදානය, සීලබ්බතූපාදානය, අත්තවාදූපාදානයයි මෙහි පළමුකොට උපාදාන සතරෙක් වේ. මේ එය පිළිබඳ අර්ත්ථ විභාගයයි: (රූපාදි) වස්තු සංඛ්යාත වූ කාමය දැඩි සේ ග්රහණය කෙරෙති’යි ‘කාමූපාදාන’ නමි. කාම වූයේද එම උපාදාන වූයේදැයි හෝ කාමූපාදාන නමි. ‘උපාදාන’ යනු, දැඩිව ගැනීමයි. මෙහි ‘උප’ ශබ්දය දෘඪාර්ත්ථයෙහි වේ; උපායාස, උපකුට්ඨ යන ආදියෙහි මෙනි. එසේම දිට්ඨි වූයේද එම උපාදාන වූයේදැ’යි දිට්ඨූපාදාන නමි; දෘෂ්ටිය දැඩිව ගනිති’යි හෝ දිට්ඨූපාදාන නමි. ආත්මයද ලෝකයද ශාස්වත වෙති’යි යන ආදියෙහි (ලෝකය ශාස්වත වෙති’යි) පසුව කී දෘෂ්ටිය (ආත්මය ශාස්වත වෙති’යි) පළමුව කී දෘෂ්ටිය දැඩිව ගනී. එපරිදිම සීලබ්බතය දැඩිව ගණිති’යි සීලබ්බතූපාදාන නමි, සීලබ්බත වූයේද එම උපාදාන වූයේදැ’යි හෝ සීලබ්බතූපාදාන නමි. මෙසේ ගෝ-සීල, ගෝ-වුත ආදියෙන් පිරිසුදු වෙති’යි සිය කැමැත්තෙන්ම ඇතුළත් වීමෙන් එම සීලව්රතාදිය උපාදාන නම් වේ. එසේම මෙය කරණ කොට කියති’යි (වාද කෙරෙති’යි) වාද නමි. මෙය කරණ කොට දැඩිව ගනිති’යි උපාදාන නමි. කුමක් කියත්ද? කුමක් දැඩිව ගනිත්ද? ආත්මයයි. නොහොත්, ආත්මය දැඩි කොට ගැනීම ‘අත්තවාදූපාදාන’ නමි. හුදෙක් ආත්මවාද මාත්රයම හෝ මෙය කරණ කොට ආත්මයයි දැඩිව ගනිති’යි හෝ ‘අන්තවාදූපාදාන’ නමි. මේ වනාහි එම (සිවු) උපාදානයන් පිළිබඳ අර්ත්ථ විභාගයයි.