පඨමසීලපඤ්චකං
(ශීලය කී වැදෑරුම් වේදැයි විස්තර කෙරෙමින් යට කියනලද) පස්වැදෑරුම් කොටසෙහි, පළමුවන පංචකයෙහි, අනුපසම්පන්න ශීලාදී වශයෙන් අර්ත්‍ථය දතයුතුය. කියනලදමැයි පටිසම්භිදාවෙහි:
‘පරියන්තපාරිසුද්ධිසීලය නම් කිමෙක්ද? මෙතෙකැ’යි නියමිත සංඛ්‍යාවක් ශික්‍ෂාපද ඇති අනුපසම්පන්නයන්ගේ ශීලයයි, මේ පරියන්ත පාරිසුද්ධිසීලයයි. අපරියන්ත පාරිසුද්ධි සීලය නම් කිමෙක්ද? මෙතෙකැ’යි අනියමිත සංඛ්‍යාවක් ශික්‍ෂාපද ඇති උපසම්පන්නයන්ගේ ශීලයයි. මේ අපරියන්ත පාරිසුද්ධි සීලයයි. පරිපූණ්ණ පාරිසුද්ධිසීලය නම් කිමෙක්ද? කුශලධර්මයෙහි නියුතු, ශෛක්‍ෂ්‍යපර්යන්ත ධර්මයන් පුරන, කය හෝ ජීවිතය පිළිබඳ අපේක්‍ෂා නැති, ජීවිත පරිත්‍යාගයෙන් යුත් පෘථග්ජන කල්‍යාණයන්ගේ ශීලයයි. මේ පරිපුණ්ණ පාරිසුද්ධිසීලයයි. අපරාමට්ඨ පාරිසුද්ධිසීලය නම් කිමෙක්ද? ශෛක්‍ෂය්‍යන් සත්දෙනාගේ ශීලයයි, මේ අපරාමට්ඨ පාරිසුද්ධිසීලයයි. පටිප්පස්සද්ධි පාරිසුද්ධසීලය නම් කිමෙක්ද? තථාගත ශ්‍රාවක ක්‍ෂීණාශ්‍රවයන්ගේද, ප්‍රත්‍යෙක බුද්ධයන්ගේද, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන්ගේද ශීලයයි, මේ පටිපස්සද්ධි පාරිසුද්ධි සීලයයි.’
එහි අනුපසම්පන්නයන්ගේ ශීලය සංඛ්‍යා වශයෙන් පරියන්ත සහිත වන හෙයින් පරියන්ත පාරිසුද්ධියයි දතයුතුය. උපසම්පන්නයන්ගේ,
නව කොටිසහස්සානි අසීති සතකොටියො
පඤ්ඤාසා සතසහස්සානි ජත්තිංසා ච පුනාපරෙ
පඤ්ඤාසා සතසහස්සානි ජත්තිංසා ච පුනාපරෙ
එතෙ සංවරවිනයා සම්බුද්ධෙන පකාසිතා,
පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා සික්‍ඛා විනයසංවරෙති
පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා සික්‍ඛා විනයසංවරෙති
නව දහස් කෝටියක්ද, සිය කෝටි අසූවක්ද? පණස් ලක්‍ෂයක්ද, නැවන තවත් සතිසක්ද,
යන මේ සංවර විනය ශික්‍ෂාපද සම්බුද්ධයන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව විනය පිටකයෙහි පෙය්‍යාල ස්වරූපයෙන් දක්වන ලදී.
මෙසේ ගණන් වශයෙන් පර්යන්ත සහිත වුවද, නිරවශේෂ වශයෙන් සමාදන් වියයුතු බවද, ලාභ, යශස්, ඥාති, අංග, ජීවිත වශයෙන් නොදැකිය හැකි සීමා ඇති බවද සලකා අපරියන්ත පාරිසුද්ධි සීලයයි දතයුතුය. චීවරගුම්බවාසී අම්බඛාදක මහාතිස්ස තෙරුන්ගේ ශීලය මෙනි. ඒ එසේමයි, ඒ ආයුෂ්මත්තෙමේ,
ධනං චජෙ යො පන අඞ්ගහෙතු
අඞ්ගං චජෙ ජීවිතං රක්‍ඛමානො,
අඞ්ගං ධනං ජීවිතං චා පි සබ්බං
චජෙ නරො ධම්මමනුස්සරන්තො ති
අඞ්ගං චජෙ ජීවිතං රක්‍ඛමානො,
අඞ්ගං ධනං ජීවිතං චා පි සබ්බං
චජෙ නරො ධම්මමනුස්සරන්තො ති
යමෙක් තෙමේ අවයව උදෙසා ධනය හැර දමන්නේද, ජීවිතය රකිමින් අවයවද හැර දමන්නේද, ධර්මය සිහිකරන මනුෂ්‍යයා අවයවද ධනයද ජීවිතයද යන සියල්ල හැර දමන්නේය.
යන මේ සත්පුරුෂානුස්මෘතිය නොහරිමින් ජීවිතය ගැන ශංකා ඇති කල්හි පවා ශික්‍ෂාපද නො-ඉක්මවා එම අපරියන්ත පාරිසුද්ධිසීලය හේතුකොටගෙන උපාසකයාගේ කරපිට හුන්නේම රහත්බවට පැමිණියේය. යම්සේ කියනලදද?
න පිතා න පි තෙ මාතා න ඤාති නපි බන්‍ධවො
කරොතෙතාදිසං කිච්චං සීලවන්තස්ස කාරණා
කරොතෙතාදිසං කිච්චං සීලවන්තස්ස කාරණා
සංවෙගං ජනයිත්‍වාන සම්මසිත්‍වාන යොනිසො
තස්ස පිට්ඨිගතො සන්තො අරහත්තං අපාපුණීති
තස්ස පිට්ඨිගතො සන්තො අරහත්තං අපාපුණීති
පියාද නොවේ, මව්ද නොවේ, නෑයෙක් හෝ බන්‍ධුවරයෝ නොවෙත්. මෙවන් කිසක් කරනුයේ ඔබගේ සිල්වත්කම සලකාගෙනමයි.
මෙසේ සංවේග දනවා නුවණින් විමසා බලා ඒ උපාසකයාගේ කරපිට හුන්නේම රහත්බවට පැමිණියේය.
පෘථග්ජන කල්‍යාණයන්ගේ ශීලය උපසම්පදාවෙහි සිට මොනවට පිරිසුදු කරන ලද දෑරඟමිණක් මෙන්ද, මොනවට පිරියම් කළ ස්වර්ණයක් මෙන්ද, අතිශයින් නිර්මලවන හෙයින් සිතිවිලි ඉපදවීම් පමණවූ හෝ මලයෙන් තොරවූයේ රහත්බවට පදනම් වේ, එහෙයින් නම් පරිපුණ්ණපාරිසුද්ධියයි කියනු ලැබේ. මහාසංඝරක්ඛිතය, භාගිනෙය්‍ය සංඝරක්ඛිතය යන දෙදෙනා වහන්සේගේ ශීලය මෙනි.
මහාසංඝරක්ඛිත තෙරුන් සැට වයස් ඉක්මවා මරණමඤ්චකයෙහි වැදහොත් කල්හි භික්‍ෂු සංඝයා ලෝකෝත්තර අධිගමයක් ඇත්දැයි විචාළහ. තෙරණුවෝ ‘මට ලෝකෝත්තර අධිගමයෙක් නැතැ’යි පැවසූහ. එවිට උන්වහන්සේට උපස්ථාන කරන තරුණ භික්‍ෂු කෙනෙක්, ‘ස්වාමීනි, ඔබවහන්සේ පිරිනිවියහ’යි හාත්පස දොළොස් යොද්නෙක මිනිස්සු රැස්වූහ. ඔබවහන්සේ පෘථග්ජනයෙකු ලෙස අපවත් වුවහොත් මහත් විපිළිසරයෙක් වන්නේය’යි කීය. ‘ඇවැත්නි, මම් මෙතේ බුදුන් දක්නෙමැ’යි විදර්ශනා නොපිහිටුවීමි, එසේ නම් මා හිඳුවා තබා ඉඩ දෙනුයැ’යි කීහ. ඒ භික්‍ෂු තෙමේද තෙරුන් නඟා හිඳුවා පිටතට නික්මිණි. තෙරණුවෝ ඒ භික්‍ෂුව පිටතට යන්නා හා සමඟම රහත්බවට පත්ව අසුරෙකින් ඒ භික්‍ෂුවට සන් කළහ. සංඝයා රැස්වී ‘ස්වාමීනි, මෙවැනි මරණාසන්න අවස්ථාවෙක්හිදී පවා ලොවුතුරු දහම් ඉපැදවීමෙන් දුෂ්කර කාර්යයක් කළහුය’යි කීහ. ‘ඇවැත්නි, මෙය දුෂ්කර නොවේ, වැලිදු මම ඔබට දුෂ්කර කාර්යයක් ප්‍රකාශ කරමි, ඇවැත්නි, මා පැවිදි වූ තැන් පටන් නොසිහියෙන්, නුනුවණින් කළ කාර්යයක් නම් නොසමරමි’යි කීහ. උන්වහන්සේගේ බෑණනුවෝද පණස්වස් කාලයෙහි මෙසේම රහත්බවට පැමිණියහ.
අප්පස්සුතොපි චෙ හොති සීලෙසු අසමාහිතො
උභයෙන නං ගරහන්ති සීලතො ච සුතෙන ච
උභයෙන නං ගරහන්ති සීලතො ච සුතෙන ච
අප්පස්සුතොපි චෙ හොති සීලෙසු සුසමාහිතො
සීලතො නං පසංසන්ති නාස්ස සම්පජ්ජතෙ සුතං
සීලතො නං පසංසන්ති නාස්ස සම්පජ්ජතෙ සුතං
බහුස්සුතොපි චෙ හොති සීලෙසු අසමාහිතො
සීලතො නං ගරහන්ති නාස්ස සම්පජ්ජතෙ සුතං
සීලතො නං ගරහන්ති නාස්ස සම්පජ්ජතෙ සුතං
බහුස්සුතොපි චෙ හොති සීලෙසු සුසමාහිතො
උභයෙන නං පසංසන්ති සීලතො ච සුතෙන ච
උභයෙන නං පසංසන්ති සීලතො ච සුතෙන ච
බහුස්සුතං ධම්මධරං සප්පඤ්ඤං බුද්ධසාවකං
නෙක්‍ඛං ජම්බොනදස්සෙව කො තං නින්‍දිතුමරහති
දෙවාපි නං පසංසන්ති බ්‍රහ්මුනාපි පසංසිතො ති’
නෙක්‍ඛං ජම්බොනදස්සෙව කො තං නින්‍දිතුමරහති
දෙවාපි නං පසංසන්ති බ්‍රහ්මුනාපි පසංසිතො ති’
යමෙක් අල්පශ්‍රැත වේද, ශීලයෙහි නොපිහිටියේ වේද, ඔහුට ශීලයෙන්ද බහුශ්‍රැතභාවයෙන්ද යන දෙකින්ම ගර්හා කෙරෙති.
යමෙක් අල්පශ්‍රැතවේද, ශීලයෙහි මනාව පිහිටියේවේද, ඔහුට ශීලයෙන් ප්‍රශංසා කෙරෙති, ඔහුගේ බහුශ්‍රැතභාවය නොපිරේ.
යමෙක් බහුශ්‍රැත වේද, ශීලයෙහි නොපිහිටියේ වේද, ඔහුට ශීලයෙන් ගර්හා කෙරෙති, බහුශ්‍රැතභාවය ද නොපිරේ. (නිෂ්ඵලය)
යමෙක් බහුශ්‍රැත වේද, ශීලයෙහි මනාව පිහිටියේ වේද, ඔහුට ශීලයෙන්ද, බහුශ්‍රැතභාවයෙන්ද, යන දෙකින්ම ප්‍රශංසා කෙරෙති.
බහුශ්‍රැතවූ ධර්මධර වූ ප්‍රඥාසම්පන්න වූ (එහෙයින්ම) දඹරන් කාසියක් මෙන් නිර්මල වූ ඔහුට කවරෙක් නින්‍දා කරනු හැකිවේද? දෙවියෝද ඔහුට ප්‍රශංසා කෙරෙති, බ්‍රහ්මයා විසින්ද පසස්නා ලද්දේය.
ශෛක්‍ෂ්‍යයන්ගේ ශීලය වනාහි දෘෂ්ටි වශයෙන් අපරාමෘෂ්ට වන (නොකිලිටි) හෙයින් අපරාමට්ඨපාරිසුද්ධියයි දතයුතුය. කුටුම්බියපුත්තතිස්ස තෙරුන්ගේ ශීලය මෙනි. ඒ ආයුෂ්මත්තෙමේ එවැනි වූ ශීලය නිසා රහත්බැව්හි පිහිටනු කැමතිව සතුරන්හට මෙසේ කීහ.
උභො පාදානි භින්‍දිත්‍වා සංයමෙස්සාමි වො අහං
අට්ටියාමි හරායාමි සරාගමරණං අහං
අට්ටියාමි හරායාමි සරාගමරණං අහං
එවාහං චින්තයිත්‍වාන සම්මසිත්‍වාන යොනිසො
සම්පත්තෙ අරුණුග්ගම්හි අරහත්තමපාපුණිං ති’
සම්පත්තෙ අරුණුග්ගම්හි අරහත්තමපාපුණිං ති’
දෙපා බිඳදමා මා මඳකට හැරදමන ලෙස මම ඔබගෙන් ඉල්ලමි. සරාගියකු ලෙසින් මරණයට පත්වීම මම පිළිකුල් කරමි, එයට ලජ්ජාවෙමි.
මෙසේ සිතා මම නුවණින් විමසා අරුණු නැඟෙන වේලෙහි රහත්ඵලයට පැමිණියෙමි.
තවද එක්තරා මහතෙරණු කෙනෙක් ඉතා ගිලන්ව සියතින් අහර වැළදීමට පවා නොහැකිව තමන්ගේම මළ මූ මත වැතිර ඒ මේ අත පෙරළෙමින් සිටියහ. ඒ දැක එක්තරා තරුණ භික්‍ෂු කෙනෙක්, ‘අහෝ! ජීවිත සංස්කාරයෝ දුක්සහිතයහමැ’යි කීහ. මහ තෙරණුවෝ, ‘ඇවැත්නි, දැන් මිය යන්නෙම් සග සැපත් ලබන්නෙමි, මෙහි සැකයෙක් නැත, මේ ශීලය සිඳ දමා ලබන සැපත නම් මහණදම් පිළිකෙව්කොට ලබන ගිහිබව හා සමානය’යි කියා, ‘ශීලය සමගම මැරෙන්නෙමි’යි එසේම වැදහෙව, එම රෝගය ගැනම මෙනෙහි කරමින් රහත්බවට පැමිණ භික්‍ෂු සංඝයාහට මේ ගාථාවන්ගෙන් ඒ බව ප්‍රකාශ කළහ :