9. 2. 3. 10.
විනිබන්ධ සම්මප්පධාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසොවිනිබන්ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීතරාග වෙයි … මහණෙනි, මේ පඤ්ච චේතසෝවිනිබන්ධ යි.
මහණෙනි, මේ පඤ්ච චේතසෝවිනිබන්ධයන්ගේ ප්රහාණය පිණිස සතර සම්යක් ප්රධාන වැඩිය යුතු. කවර සතරෙක යත්:
නූපන් ලමු අකුසල දහමුන්ගේ නො ඉපදීම පිණිස ඡන්දය දනවයි, ව්යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්රධන්වීර්ය්යය කරයි. නො උපන් ලමු අකුසල දහමුන්ගේ ප්රහාණය පිණිස නූපන් කුසල් දහමුන්ගේ ඉපදීම පිණිස … උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස භිය්යොභාවය පිණිස වෛපුල්යය පිණිස භාවනාව පිණිස පරිපූර්ත්තිය පිණිස ඡන්දය දනවයි, ව්යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්රධන්වීර්ය්යය කරයි. මහණෙනි, මේ පඤ්චචෙතසො විනිබන්ධයන්ගේ ප්රහාණය පිණිස මේ සතර සම්යක් ප්රධාන වැඩිය යුතු යි.
තෙවැනි සම්මප්පධානවර්ග යි.
4. ඉද්ධිපාද වර්ගය
9. 2. 4. 1.
සික්ඛාදුබ්බල්ය ඉද්ධිපාද සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ශික්ෂාදෞර්බල්යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පාණාතිපාත ය … සුරාමේරයමජ්ජපමාදට්ඨාන යි, මහණෙනි, මේ පඤ්චසික්ඛාදුබ්බල්ය යි.
මහණෙනි, මේ පඤ්චශික්ෂාදෞර්බල්යයන්ගේ ප්රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතුවහ. කවර සතරෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාර සමන්නාගත වූ ඉද්ධිපාද වඩයි. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධානසඞ්ඛාර සමන්වාගත ඉද්ධිපාද වඩයි. මහණෙනි, මේ පඤ්චශික්ෂා දෞර්බල්යයන්ගේ ප්රහාණය පිණිස මේ සතර ඉද්ධිපාද වැඩිය යුතු යි.
9. 2. 4. 2-9.
[සැවැත්නිදාන යි]
(ද්විතීය සූත්රයේ පටන් නවවැන්න තෙක් සතිපට්ඨානසූත්රවර්ගයෙහි ආ නයින් ඍද්ධිපාද විසින් විස්තර කටයුතුයි.)