4. ඉද්ධිපාද වර්ගය
9. 2. 4. 1.
සික්ඛාදුබ්බල්ය ඉද්ධිපාද සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ශික්ෂාදෞර්බල්යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පාණාතිපාත ය … සුරාමේරයමජ්ජපමාදට්ඨාන යි, මහණෙනි, මේ පඤ්චසික්ඛාදුබ්බල්ය යි.
මහණෙනි, මේ පඤ්චශික්ෂාදෞර්බල්යයන්ගේ ප්රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතුවහ. කවර සතරෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාර සමන්නාගත වූ ඉද්ධිපාද වඩයි. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධානසඞ්ඛාර සමන්වාගත ඉද්ධිපාද වඩයි. මහණෙනි, මේ පඤ්චශික්ෂා දෞර්බල්යයන්ගේ ප්රහාණය පිණිස මේ සතර ඉද්ධිපාද වැඩිය යුතු යි.
9. 2. 4. 2-9.
[සැවැත්නිදාන යි]
(ද්විතීය සූත්රයේ පටන් නවවැන්න තෙක් සතිපට්ඨානසූත්රවර්ගයෙහි ආ නයින් ඍද්ධිපාද විසින් විස්තර කටයුතුයි.)
9. 2. 4. 10.
විනිබන්ධ ඉද්ධිපාද සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසො විනිබන්ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීතරාග වූයේ වෙයි … මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්ධයහ.
මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්ධයන්ගේ ප්රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතුවහ. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්දසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත වූ ඍද්ධිපාදය වඩනේ ය. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත වූ ඍද්ධිපාදය වඩනේ ය. මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්ධයන්ගේ ප්රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතු වෙත් යයි.
සතරවන ඍද්ධිපාද වර්ගය යි.
දුතිය පණ්ණාසකය සමාප්ත යි.
එහි උද්දානය:
සතර සතිපට්ඨානයෝ ය. සතර සම්යක්ප්රධානයහ, සතර ඍද්ධිපාදයෝ ය යන මොහු පළමුපදයන් හා යෙදිය යුතුවහ.