9. 2. 1. 7.
පස්සද්ධි සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, පස්සද්ධි පස්සද්ධි යි කියනු ලැබේ …
9. 2. 1. 8.
අනුපුබ්බ පස්සද්ධි සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අනුපුබ්බපස්සද්ධි අනුපුබ්බපස්සද්ධි යි කියනු ලැබේ ...
9. 2. 1. 9.
නිරෝධ සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, නිරෝධ ය නිරෝධ යයි කියනු ලැබේ …
9. 2. 1. 10.
අනුපුබ්බ නිරෝධ සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අනුපුබ්බනිරෝධ ය අනුපුබ්බනිරෝධ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් අනුපුබ්බනිරෝධය භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු අනුපුබ්බනිරෝධය භාග්යවතුන් වහන්සේ විසින් පර්ය්යායයෙන් දෙසනලදී.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. සංඥා වේදයිත නිරෝධය (විදර්ශනා සඞ්ඛ්යාත) ප්රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්රවයෝ පරික්ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් අනුපුබ්බනිරෝධය නිෂ්පර්ය්යායයෙන් දෙසන ලදැයි.
9. 2. 1. 11.
අරහත්ත භබ්බාභබ්බ සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නව දහම් කෙනෙක් නො පහ කොට අර්හත්ත්වය පිළිවිදුනට අභව්ය වෙයි. කවර නවයෙක යත්:
රාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් නො පහා අර්හත්ත්වය පිළිවිදුනට අභව්ය වෙයි.
මහණෙනි, නව දහම් කෙනෙකුන් පහ කොට අර්හත්ත්වය පිළිවිදුනට භව්ය වෙයි. කවර නවයෙක යත්:
රාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් පහා රහත් බව පිළිවිදුනට භව්ය වෙයි.
ප්රථම ඛේම වර්ග යි.
එහි උද්දානය:
ඛේම සූත්ර දෙකය, අමත සූත්ර දෙකය, අභය සූත්ර දෙකය, පස්සද්ධි සූත්ර දෙකය, නිරෝධ සූත්රය, අනුපුබ්බනිරෝධ සූත්රය, භබ්බාභබ්බ සූත්රය දැයි එකොළොසෙකි.