1. ඛේම වර්ගය
9. 2. 1. 1.
ඛේම සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ඛේම ය (නිරුපද්රව යයි) ඛේම යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්යවතුන් වහන්සේ විසින් ඛේමය වදාරන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් පර්ය්යායයෙන් ඛේමය වදාරන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. (සංඥාවේදයිතනිරෝධය) ප්රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්රවයෝ පරික්ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන්වහන්සේ විසින් නිෂ්පර්ය්යායයෙන් ඛේමය වදාරන ලදැ යි.
9. 2. 1. 2.
ඛෙමප්පත්ත සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ඛෙමප්පත්ත ය (නිරුපද්රැත බවට පැමිණියේ ය) ඛෙමප්පත්ත යයි කියනු ලැබේ …
9. 2. 1. 3.
අමත සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අමතය අමත යයි කියනු ලැබේ …
9. 2. 1. 4.
අමතප්පත්ත සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අමතප්පත්ත ය අමතප්පත්ත යයි කියනු ලැබේ ...
9. 2. 1. 5.
අභය සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අභය අභය යි කියනු ලැබේ …
9. 2. 1. 6.
අභයප්පත්ත සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අභයප්පත්ත ය අභයප්පත්ත යයි කියනු ලැබේ …
9. 2. 1. 7.
පස්සද්ධි සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, පස්සද්ධි පස්සද්ධි යි කියනු ලැබේ …
9. 2. 1. 8.
අනුපුබ්බ පස්සද්ධි සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අනුපුබ්බපස්සද්ධි අනුපුබ්බපස්සද්ධි යි කියනු ලැබේ ...
9. 2. 1. 9.
නිරෝධ සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, නිරෝධ ය නිරෝධ යයි කියනු ලැබේ …
9. 2. 1. 10.
අනුපුබ්බ නිරෝධ සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අනුපුබ්බනිරෝධ ය අනුපුබ්බනිරෝධ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් අනුපුබ්බනිරෝධය භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු අනුපුබ්බනිරෝධය භාග්යවතුන් වහන්සේ විසින් පර්ය්යායයෙන් දෙසනලදී.