9. 1. 5. 9.
තදඞ්ග නිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, තදඞ්ගනිබ්බාන (ප්‍රථම ධ්‍යානාදි ඒ ඒ අංගයෙන් නිවීම) තදඞ්ගනිබ්බාන යයි කියනු ලැබේ ...
9. 1. 5. 10.
දිට්ඨධම්ම නිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, දිට්ඨධම්මනිබ්බාන (ඒ අත් බැව්හිම නිවීම) දිට්ඨධම්මනිබ්බාන යයි කියනු ලැබේ … ඇවැත්නි, කෙතෙක් කරුණින් දිට්ඨධම්මනිබ්බාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැ යි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. (නේවසඤ්ඤානාසඤ්ඤායතනවිපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
පස්වැනි සාමඤ්ඤ වර්‍ග යි.
එහි උද්දානය:
සම්බාධ සූත්‍රය, කායසක්ඛී සූත්‍රය, පඤ්ඤාවිමුත්ත සූත්‍රය, උභතෝභාග සූත්‍රය, සන්‍දිට්ඨික සූත්‍ර දෙකය, නිබ්බාන සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, තදඞ්ග සූත්‍රය, දිට්ඨධම්මික සූත්‍රය දැයි දසයෙකි.
පඨම පණ්ණාසකය සමාප්ත යි.
2. දෙවැනි පණ්ණාසකය
1. ඛේම වර්‍ගය
9. 2. 1. 1.
ඛේම සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ඛේම ය (නිරුපද්‍රව යයි) ඛේම යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඛේමය වදාරන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් ඛේමය වදාරන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. (සංඥාවේදයිතනිරෝධය) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන්වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් ඛේමය වදාරන ලදැ යි.
9. 2. 1. 2.
ඛෙමප්පත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ඛෙමප්පත්ත ය (නිරුපද්‍රැත බවට පැමිණියේ ය) ඛෙමප්පත්ත යයි කියනු ලැබේ …
9. 2. 1. 3.
අමත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අමතය අමත යයි කියනු ලැබේ …
9. 2. 1. 4.
අමතප්පත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අමතප්පත්ත ය අමතප්පත්ත යයි කියනු ලැබේ ...