10. සාමඤ්ඤ වර්ගය
8. 2. 10. 1-27.
[සැවැත්නිදාන යි]
එකල්හි බොජ්ඣා උවැසි ... සිරිමා උවැසි .... පදුමා ... සුතණා ... මනුජා ... උත්තරා .... මුත්තා ... සෝමා ... රුචි උවැසි ... චුන්දි රාජකුමාරි ... බිමිබි උවැසි ... සුමනා රාජකුමාරි ... මල්ලිකා දේවි ... තිස්සා උවැසි ... තිස්සාවගේ මාතා ... සෝණා .... සෝණාවගේ මාතා ... කාණා ... කාණාවගේ මාතා .... උත්තරා නම් නන්ද මාතා ... විශාඛා මිගාර මාතා … බුජ්ජුත්තරා උපාසිකා ... සාමාවතී උපාසිකා ... කෝලිය දූහිතෘ සුප්පාවාසා ... සුප්පියා උපාසිකා ... නකුලමාතා ගෘහපතානී ... යි.
දසවැනි සාමඤ්ඤවර්ග යි
දුතිය පණ්ණාසකය සමාප්ත යි.
11. රාගපෙය්යාලය
8. 11. 1.
අට්ඨමග්ගඞ්ක සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්ම කෙනෙක් බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධි යි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අෂ්ට ධර්මයෝ බැවිය යුතුවහ යි.
8. 11. 2.
අට්ඨඅභිභායතන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්මයෝ බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
අධ්යාත්මයෙහි රූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්ණ දුවර්ණ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මියි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්යාත්මයෙහි රූපසංඥා ඇතියේ අප්රමාණ වූ සුවර්ණ දුවර්ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ ය. අධ්යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්ණ දුවර්ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්යාත්මයෙහි අරූපසංඥා ඇතියේ අප්රමාණ වූ සුවර්ණ දුවර්ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්ණ වූ නීල නිදර්ශන වූ (එක නීලවරපන්නෙ) නීල ප්රභා ඇති බාහිර රූපායතනයන් දක්නේ ය ... පීතවූ පීතවර්ණ වූ ... ලෝහිත වූ ලෝහිතවර්ණ වූ ... අවදාත වු අවදාතවර්ණ වූ ... අවදාත ප්රභා ඇත්තා වූ ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අට දහම්හු බැවිය යුතුයහ යි.