8. 1. 4. 10.
අපායසංවත්තනික සූත්රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, පණිවා සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ නිරයෙහි උපතට කරුණු වූයේ වෙයි. තිරිසන් යොන්හි උපතට කරුණු වූයේ වෙයි. ප්රේතවිෂයෙහි උපතට කරුණු වූයේ වෙයි. යටතින් පණිවාහුගේ යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අල්පායුෂ්කභාවයට හේතු වූයේ වෙයි.
2. මහණෙනි, අයිනාදන් සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්රේතවිෂයෙහි උපතට හේතු වෙයි. අයිනාදන්හුගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ භෝගව්යසනය පිණිස හේතු වූයේ වෙයි.
3. මහණෙනි, කාමයෙහි මිසහසර සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්රේතවිෂයෙහි උපතට හේතු වෙයි. කාමමිථ්යාචාරයාගේ යටතින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ සතුරන් සහිත වෛරයට කරුණු වූයේ වෙයි.
4. මහණෙනි, මුසාවාදය සෙවුනාලද්දේ වඩන ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්රේතවිෂයෙහි උපතට හේතු වෙයි. මුසවාදයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අභූතයෙන් අභ්යාඛ්යානයට කරුණු වූයේ වෙයි.
5. මහණෙනි, පිසුණුබස් සෙවුනා ලද්දේ වඩනා ලද්දේ බහුල වශයෙන් කරනා ලද්දේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්රේතවිෂයෙහි උපතට හේතු වෙයි. පිසුණුවාචයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුට මිතුරන් සමග බිඳීමට කරුණු වූයේ වෙයි.
6. මහණෙනි, පරොස්බස් සෙවුනා ලදුයේ වඩනලදුයේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්රේතවිෂයෙහි උපතට හේතු වෙයි. පරුෂවචනයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අමනාපශබ්දයට කරුණු වූයේ වෙයි.
7. මහණෙනි, සම්ඵප්රලාපය සෙවුනා ලද්දේ වඩන ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට කරුණු වෙයි. තිරිසන්යෝනියෙහි උපතට කරුණු වෙයි, ප්රේතවිෂයෙහි උපතට කරුණු වෙයි, සම්ඵප්රලාපයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ නො ඇදහිය හැකි වචනයට කරුණු වූයේ වෙයි.
8. මහණෙනි, රහමෙර පීම සෙවුනා ලද්දේ වඩනා ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට කරුණු වෙයි. තිරිසන්යොන්හි උපතට කරුණු වෙයි. ප්රේතවිෂයෙහි උපතට කරුණු වෙයි, සුරාමේරයපානයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුට උමතුබව පිණිස කරුණු වන්නේ යි.
සිවුවන දාන වග යි.
එහි උද්දානය:
දානසූත්ර දෙක ය, (දාන) වත්ථුසූත්ර ය, ඛෙත්ත සූත්රය, දානුපපත්ති සූත්රය, (පුණ්ය) ක්රියා සූත්රය, සප්පුරිස සූත්ර දෙක ය, අභිසන්ද සූත්රය, සංවත්තනික සූත්ර ද වේ.