8. 1. 1. 3.
පළමුවැනි පිය සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු අටෙකින් සමන්වාගත මහණ සබ්රම්සරුනට අප්රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද අභාවනීය ද වෙයි, කවර අටෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අප්රියයන් පසස්නා සුලු ද වෙයි, ප්රියයන් ගරහන සුලු ද වෙයි, ලාභ කැමැතියේ ද වෙයි, සත්කාර කැමැතියේ ද වෙයි, ලජ්ජා නැතියේ ද වෙයි, ඔතප් නැතියේ ද වෙයි, ලමු ඉච්ඡා ඇතියේ ද වෙයි, මිසදුටු ඇතියේ ද වෙයි. මහණෙනි, මේ අට කරුණින් සමන්වාගත මහණ සබ්රම්සරුනට අප්රිය ද වෙයි, අමනාප ද වෙයි, ගරුතන් නැතියේ වෙයි, ගුණසම්භාවනා නැතියේ ද වෙයි.
මහණෙනි, අට කරුණෙකින් සමන්වාගත මහණ සබ්රම්සරුනට ප්රිය ද වෙයි, මනාප ද වෙයි, ගරුතැන් ඇතියේ ද වෙයි, ගුණසම්භාවනාවට නිසි ද වෙයි. කවර අට කරුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ අප්රියයන් නො පසස්නා සුලු ද වෙයි, ප්රියයන් නොගරහන සුලු ද වෙයි, ලාභ කැමතියේ ද නොවෙයි, සත්කාර කැමතියේ ද නොවෙයි, ලජ්ජා ඇතියේ ද වෙයි, පවට බාන සුලු ද වෙයි, අල්පෙච්ඡ ද වෙයි, සම්දිටු ඇතියේ ද වෙයි. මහණෙනි, මේ අට කරුණින් සමන්වාගත මහණ සබ්රම්සරුනට ප්රිය ද වෙයි, මනාප ද වෙයි, ගරුතැන් ඇතියේ ද වෙයි, සම්භාවනීය ද වේ යයි.
8. 1. 1. 4.
දෙවැනි පිය සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු අටෙකින් සමන්වාගත මහණ සබ්රම්සරුනට අප්රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද වෙයි, අභාවනීය ද වේ. කවර අට කරුණින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ලාභ කැමැතියේ ද වෙයි, සත්කාර කැමැතියේ ද වෙයි, අවඥා නො කැමැතියේ ද වෙයි, අකාලඥ වෙයි, අමාත්රඥ ද වෙයි, අපවිත්ර කායකර්මයාදිය ඇතියේ වෙයි, බහුභාණී ද වෙයි, සබ්රම්සරුනට ආක්රෝශ පරිභව කරනුයේ ද වේ.
මහණෙනි, මේ අට කරුණින් සමන්වාගත මහණ සබ්රම්සරුනට අප්රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද වෙයි, අභාවනීය ද වේ.
මහණෙනි, අට කරුණින් සමන්වාගත මහණ සබ්රම්සරුනට ප්රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ. කවර අට කරුණින් යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ලාභ කැමැතියේ ද නො වෙයි, සත්කාර කැමැතියේ ද නො වෙයි, අවඥාත බව කැමැතියේ ද නො වෙයි, කාලඥ වෙයි, මාත්රඥ ද වෙයි, පවිත්රකායකර්මාදිය ඇතියේ ද වෙයි, බහුභාණී ද නොවෙයි, සබ්රම්සරුනට ආක්රෝශපරිභව නො කරනුයේ ද වෙයි.
මහණෙනි, මේ අට කරුණින් සමන්වාගත මහණ සබ්රම්සරුනට ප්රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ යයි.
8. 1. 1. 5.
පළමුවැනි ලෝකධම්ම සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අෂ්ට ලෝකධර්මයෝ ලොව අනුව පෙරැළෙත් ලෝකය ද අෂ්ටලෝකධර්මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
ලාභය ද අලාභය ද අයස ද යස ද නින්දාව ද ප්රශංසාව ද සුඛය ද දුඃඛය ද යන මේ යි. මහණෙනි, මේ අටලෝදහම්හු ලොව අනුව පෙරැළෙති, ලොව ද මේ අටලෝ දහම් අනුව පෙරැළේ යයි.