1-510.
[රාගාදිපෙය්යාල සූත්ර]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස සප්තධර්මයෙක් වැඩිය යුතුය. කවර සතෙක යත්:
සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි.
මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ කරුණු සත වැඩිය යුතු යි.
2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සතෙක් වැඩිය යුතු. කවර සතෙක යත්:
අනිත්යසංඥා ය, අනාත්මසංඥා ය, අශුභසංඥා ය, ආදීනවසංඥා ය, ප්රහාණසංඥා ය, විරාගසංඥා ය, නිරෝධසංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය සඳහා මෙ සත් කරුණු වැඩිය යුතු යි.
3. මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා සත් කරුණෙක් වැඩිය යුතු. කවර සතෙක යත්.
අශුභසංඥා ය, මරණසංඥා ය, ආහාරයෙහි ප්රතිකූලසංඥා ය, සර්වලෝකයෙහි අනභිරතසංඥා ය, අනිත්යසංඥා ය, අනිත්යයෙහි දුඃඛසංඥා ය, දුඃඛයෙහි අනාත්මසංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මේ සත් කරුණු වැඩිය යුතු යයි.
4-30. මහණෙනි, රාගයාගේ පරිඥාව සඳහා සප්තධර්මයෙක් වැඩිය යුතු ය ... මහණෙනි, රාගයාගේ පරික්ෂය සඳහා ... ප්රහාණය සඳහා … ක්ෂය සඳහා ... ව්යය සඳහා ... විරාගය සඳහා .... නිරෝධය සඳහා ... ත්යාගය සඳහා … ප්රතිනිඃසර්ගය සඳහා මෙ කරුණු සත වැඩිය යුතුයි.
31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාව පිණිස සත් කරුණෙක් වැඩිය යුතු ය ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥාව සඳහා ... පරික්ෂය පිණිස ... ප්රහාණය පිණිස … ක්ෂය පිණිස ... ව්යය පිණිස ... විරාගය පිණිස … නිරෝධය පිණිස ... ත්යාගය පිණිස … ප්රතිනිඃසර්ගය පිණිස මෙ කරුණු සත වැඩිය යුතු.
61-90. මහණෙනි, මෝහයාගේ අභිඥාව පිණිස සත් කරුණෙක් වැඩිය යුතු ය ... පරිඥාව පිණිස ... පරික්ෂය පිණිස .... ප්රහාණය පිණිස ... ක්ෂය පිණිස .... ව්යය පිණිස ... විරාගය පිණිස .... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස … ප්රතිනිඃසර්ගය පිණිස මෙ කරුණු සත වැඩිය යුතු.
91-120. මහණෙනි, ක්රෝධයාගේ අභිඥාව පිණිස ...
121-150. මහණෙනි, උපනාහයාගේ අභිඥාව පිණිස ...
151-180. මහණෙනි, මක්ඛයාගේ ...
181-210. මහණෙනි, පලාසයාගේ ...
211-240. මහණෙනි, ඊෂර්ය්යාහුගේ ...
241-270. මහණෙනි, මාත්සර්ය්යාගේ ...
271-300. මහණෙනි, මායාවගේ ...
301-330. මහණෙනි, ශාඨෙයයාගේ ...
331-360. මහණෙනි, ථම්භයාගේ ...
361-390. මහණෙනි, සාරම්භයාගේ ...
391-420. මහණෙනි, මානයාගේ ...
421-450. මහණෙනි, අතිමානයාගේ ...
451-480. මහණෙනි, මදයාගේ ...
481-510. මහණෙනි, ප්රමාදයාගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ... පරික්ෂය පිණිස ... ප්රහාණය පිණිස … ක්ෂය පිණිස ... ව්යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස … ප්රතිනිඃසර්ගය පිණිස, මෙ කරුණු සත වැඩිය යුතු ය යි.
[භාග්යවතුන් වහන්සේ මෙ ධර්මය දෙසූ සේක. තුටුසිත් ඇති එ මහණහු භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.]
[භාග්යවතුන් වහන්සේ මෙ ධර්මය දෙසූ සේක. තුටුසිත් ඇති එ මහණහු භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.]
රාගාදිපෙය්යාලය නිමි.
සත්තකනිපාතය නිමි.