7. 2. 5. 1.
[චක්ඛුඅනිච්චානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත්දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි. අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිද දන්නාසුල්ලේ සතතයෙන් නරතුරු (අන් සිතින්) අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් විවසුන් නුවණින් බැසගනිමින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් පසක් කොට එළැඹ වෙසෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල වෙයි.
තවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිදිනසුලුයේ හැමකල්හි නරතුරු අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් (විදර්‍ශනාප්‍රඥායෙන්) අනුප්‍රවේශ කරමින් වෙසෙයි. ඔහට නො පෙර නො පසුව ආස්‍රවපර්‍ය්‍යවදානය හා ජීවිතපර්‍ය්‍යවදානය හා වෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ දෙවන පුඟුලි.
තවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුරායතනයෙහි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යප්‍රතිසංවේදී වූයේ හැම කල්හි නරතුරු අව්‍යවකීර්‍ණ සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරමින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ තුන්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සතරවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... අසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ පස්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... සසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. මහණෙනි, මේ සත්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
මහණෙනි, මොහු ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ පුද්ගලයෝ සත් දෙන යි.
7. 2. 5. 2.
[චක්ඛුදුක්ඛානුපස්සී සූත්‍රාදිය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, මෙ ආහුනෙය්‍ය ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් චක්‍ෂුස්හි දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි.
3. ... චක්‍ෂුස්හි අනාත්මානුදර්ශී වූයේ ... වෙසෙයි.
4. ... චක්‍ෂුස්හි ක්‍ෂයානුදර්ශී වූයේ ... වෙසෙයි.
5. ... චක්‍ෂුස්හි ව්‍යයානුදර්ශී වූයේ ... වෙසෙයි.
6. ... චක්‍ෂුස්හි විරාගානුදර්ශී වූයේ ... වෙසෙයි.
7. ... චක්‍ෂුස්හි නිරෝධානුදර්ශී වූයේ ... වෙසෙයි.
8. ... චක්‍ෂුස්හි ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයේ ... වෙසෙයි.
7. 2. 5. 9-520.
[සෝතඅනිච්චානුපස්සී සූත්‍රාදිය]
[සැවැත්නිදාන යි]
9-96. ශොත්‍රයෙහි ... ඝ්‍රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ... රූපෙයහි ... ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... පොට්ඨබ්බයෙහි ... ධර්‍මයෙහි ...
97-144. චක්‍ෂුර්විඥානයෙහි ... ශ්‍රෝතවිඥානයෙහි ... ඝ්‍රාණවිඥානයෙහි ... ජිහ්වාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
145-192. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ... ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙහි ... කායසංස්පර්‍ශයෙහි මනස්සංස්පර්‍ශයෙහි ...
193-240. චක්‍ෂුසංස්පර්‍ශජ වේදනායෙහි ... ශ්‍රෝතසංස්පර්‍ශජ වේදනායෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශජ වේදනායෙහි ... ජිව්හාසංස්පර්‍ශජ වේදනායෙහි ... කායසංස්පර්‍ශජ වේදනායෙහි ... මනස්සංස්පර්‍ශජ වේදනායෙහි ...
241-288. රූපසංඥායෙහි ... ශබ්දසංඥායෙහි ... ගන්‍ධසංඥායෙහි ... රසසංඥායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසංඥායෙහි ... ධර්‍මසංඥායෙහි ...
289-336. රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්‍ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනායෙහි ... ධර්‍මසඤ්චේතනායෙහි ...
337-384. රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්‍ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙහි ... ධර්‍මතෘෂ්ණායෙහි ...
385-432. රූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...
433-480. රූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්‍ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරයෙහි ... ධර්‍මවිචාරයෙහි ...