7. 2. 3. 8.
[සිවුවන විනයධර සෝභන සූත්රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, ධර්ම සතෙකින් සමන්වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ පූර්වනිවාස සිහි කෙරෙයි: එ කෙසේය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ සාකාර කොට උද්දේස සහිත කොට අනේකවිධ පූර්වනිවාසය සිහි කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගියා වූ දිවැස්නැණින් ... යථාකර්මෝපග සත්ත්වයන් දන්නේ ය. ආස්රක්ෂයයෙන් ... සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්වාගත විනයධර හොබනේ ය යි.
7. 2. 3. 9.
[සත්ථුසාසන සූත්රය]
[සැවැත්නිදාන යි]
30. එක්බිති ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, යම් හෙයෙකින් මම භාග්යවතුන් වහන්සේගේ දහම් අසා ඒකාකියෙම් ව්යපකර්ෂ ඇත්තේ අප්රමත්තයෙම්, කෙලෙස් තවන වැර ඇතියෙම්, ප්රහිතාත්මයෙම් වෙසෙම් නම්, වහන්ස, භාග්යවතුන් වහන්සේ මට එපරිද්දෙන් සැකෙවින් දහම් දෙසනසේක් නම් මැනැවැ.
උපාලියෙනි, “මේ ධර්මයෝ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශව්යපශමය පිණිස විශිෂ්ටඥානය පිණිස, චතුර්මාර්ගඥානසම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නාහ”යි තෝ යම් ධර්ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි තෙල ධර්ම නො වෙයි, තෙල විනය නොවේ. තෙල ශාස්තෘශාසනය නොවේ යයි ඒකාන්තයෙන් දනුවයි. උපාලියෙනි, මෙ දහම්හු ඒකාන්ත නිර්වේදය සඳහා විරාගය සඳහා නිරෝධය සඳහා ක්ලේශව්යපශමය සඳහා අභිඥානය සඳහා සම්බෝධිය සඳහා නිර්වාණය සඳහා පවත්නාහයි තෝ යම් ධර්ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි, තෙල ධර්මය වේ, තෙල විනය වේ, තෙල ශාස්තෘශාසනය වේ යයි ඒකාන්තයෙන් ධරවයි.
7. 2. 3. 10.
[අධිකරණසමථ සූත්රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්යපශමය සඳහා මෙ අධිකරණශමථධර්ම සතෙකි. කවර සතෙක යත්:
සම්මුඛාවිනය දියයුතු. සතිවිනය දියයුතු. අමූළ්හ විනය දියයුතු. පටිඤ්ඤාත කරණය දියයුතු. යෙභූය්යසිකා දියයුතු. තස්සපාපිය්යසිකා දියයුතු. තිණවත්ථාරකය දිය යුතු යි.
මහණෙනි, මෙ අධිකරණසමථයෝ සත්දෙන උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්යුපශමය සඳහා වෙත් යයි.
විනය වර්ගය තුන් වැනි යි.
එහි උද්දානය:
විනයධර සූත්ර සතර ය, විනයධර සෝභන සූත්ර සතර ය, සත්ථුසාසන සූත්රය, අධිකරණ සමථ සූත්රය දැයි තෙවන වර්ගයෙහි සූත්ර දසයෙකි.