7. 2. 3. 6.
[දෙවෙනි විනයධර සෝභන සූත්රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, ධර්ම සතෙකින් සමන්වාගත වූ මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. උභය ප්රාතිමොක්ෂයෝ ඔහු විසින් විතර විසින් සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්ර වශයෙනුදු අනුව්යඤ්ජන වශයෙනුදු සුවිනිච්ඡිත වූවාහු ස්වාගත වෙත්. සතර ධ්යානයන් ... අකසිරලාභී වෙයි. ආස්රවයන්ගේ ක්ෂයයෙන් ... සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මේ ධර්ම සතින් සමන්වාගත මහණ විනයධර වූයේ හොබනේ ය යි.
7. 2. 3. 7.
[තෙවැනි විනයධර සෝභන සූත්රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. විනයෙහි සිටියේ අසංහීර වෙයි. සතර ධ්යානයන් ... අකසිරයෙන් ලබන සුලුයේ වෙයි. ආස්රවක්ෂයෙන් ... සාක්ෂාත් කොට එළැඹ වෙසෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්වාගත විනයධර හොබනේ ය යි.
7. 2. 3. 8.
[සිවුවන විනයධර සෝභන සූත්රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, ධර්ම සතෙකින් සමන්වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ පූර්වනිවාස සිහි කෙරෙයි: එ කෙසේය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ සාකාර කොට උද්දේස සහිත කොට අනේකවිධ පූර්වනිවාසය සිහි කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගියා වූ දිවැස්නැණින් ... යථාකර්මෝපග සත්ත්වයන් දන්නේ ය. ආස්රක්ෂයයෙන් ... සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්වාගත විනයධර හොබනේ ය යි.
7. 2. 3. 9.
[සත්ථුසාසන සූත්රය]
[සැවැත්නිදාන යි]
30. එක්බිති ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, යම් හෙයෙකින් මම භාග්යවතුන් වහන්සේගේ දහම් අසා ඒකාකියෙම් ව්යපකර්ෂ ඇත්තේ අප්රමත්තයෙම්, කෙලෙස් තවන වැර ඇතියෙම්, ප්රහිතාත්මයෙම් වෙසෙම් නම්, වහන්ස, භාග්යවතුන් වහන්සේ මට එපරිද්දෙන් සැකෙවින් දහම් දෙසනසේක් නම් මැනැවැ.