7. 2. 3. 3.
[තෙවෙනි විනයධර සූත්රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. විනයෙහි සිටියේ අසංහීර (ලබ්ධියෙහි ස්ථිර-නිසැක) වෙයි. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතරධ්යානයන් නිදුකින් ලබන්නේ, කැමැතිසේ ලබන්නේ, සුවසේ ලබන්නේ වෙයි. ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චිත්තවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට එළැඹ වාසය කරයි.
මහණෙනි, මෙ කරුණු සතින් යුත් මහණ තෙම විනයධර වේ ය යි.
7. 2. 3. 4.
[සිව්වන විනයධර සූත්රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත වූ මහණ විනයධර වේ. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ වූ පෙරවිසූ කඳපිළිවෙළ සමරනේ ය. එ කෙසේ ය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ ආකාරසහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වනිවාසය අනුස්මරණ කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව්යචක්ෂුසින් යථාකර්මෝපගසත්ත්වයන් දක්නේ ය. ආස්රවයන්ගේ ක්ෂයයෙන් අනාස්රව වූ චිත්තවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එළැඹ වෙසෙයි.
මහණෙනි, මේ සත් කරුණින් සමන්වාගත මහණ විනයධර වේ ය යි.
7. 2. 3. 5.
[ප්රථම විනයධර සෝභන සූත්රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, කරුණු සතෙකින සමන්වාගත මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය ... සිල්වත් වෙයි … ශික්ෂාපදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. සතර ධ්යානයන් ... සුවසේ ලබනුයේ වෙයි. ආස්රවක්ෂයයෙන් ... සාක්ෂාත් කොට ගෙන එළැඹ වාසය කරයි.
මහණෙනි, මේ ධර්ම සතින් සමන්වාගත මහණ විනයධර වූයේ හොබනේ ය.
7. 2. 3. 6.
[දෙවෙනි විනයධර සෝභන සූත්රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, ධර්ම සතෙකින් සමන්වාගත වූ මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. උභය ප්රාතිමොක්ෂයෝ ඔහු විසින් විතර විසින් සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්ර වශයෙනුදු අනුව්යඤ්ජන වශයෙනුදු සුවිනිච්ඡිත වූවාහු ස්වාගත වෙත්. සතර ධ්යානයන් ... අකසිරලාභී වෙයි. ආස්රවයන්ගේ ක්ෂයයෙන් ... සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මේ ධර්ම සතින් සමන්වාගත මහණ විනයධර වූයේ හොබනේ ය යි.