7. 2. 3. 10.
[අධිකරණසමථ සූත්රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්යපශමය සඳහා මෙ අධිකරණශමථධර්ම සතෙකි. කවර සතෙක යත්:
සම්මුඛාවිනය දියයුතු. සතිවිනය දියයුතු. අමූළ්හ විනය දියයුතු. පටිඤ්ඤාත කරණය දියයුතු. යෙභූය්යසිකා දියයුතු. තස්සපාපිය්යසිකා දියයුතු. තිණවත්ථාරකය දිය යුතු යි.
මහණෙනි, මෙ අධිකරණසමථයෝ සත්දෙන උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්යුපශමය සඳහා වෙත් යයි.
විනය වර්ගය තුන් වැනි යි.
එහි උද්දානය:
විනයධර සූත්ර සතර ය, විනයධර සෝභන සූත්ර සතර ය, සත්ථුසාසන සූත්රය, අධිකරණ සමථ සූත්රය දැයි තෙවන වර්ගයෙහි සූත්ර දසයෙකි.
4. සමණ වර්ගය
7. 2. 4. 1.
[භික්ඛුධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, සත් කරුණක් බුන් හෙයින් ‘භික්ඛු’ නම් වෙයි. කවර සතෙක යත්:
සක්කායදිට්ඨිය භින්න වෙයි. විචිකිච්ඡාව භින්න වෙයි. සීලබ්බතපරාමාසය භින්න වෙයි. රාගය භින්න වෙයි. ද්වේෂය භින්න වෙයි. මෝහය භින්න වෙයි. මානය භින්න වෙයි.
මහණෙනි, මේ කරුණු සත බුන් හෙයින් භික්ඛු නම් වේ ය යි.
7. 2. 4. 2.
[සමණ ධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
33. (මහණෙනි, කරුණු සතක්) සන්හුන් හෙයින් ‘සමණ’ නම් වෙයි ...
7. 2. 4. 3.
[බ්රාහ්මණධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
34. (මහණෙනි, කරුණු සතක්) බැහැර ලු හෙයින් ‘බ්රාහ්මණ’ වෙයි ...
7. 2. 4. 4.
[සොත්ථිය ධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
35. (මහණෙනි, කරුණු සතක්) නිඃස්රැත හෙයින් ‘සොත්ථිය’ නම් වෙයි ...
7. 2. 4. 5.
[නහාතක ධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
36. (මහණෙනි, කරුණු සතක්) සනාත හෙයින් ‘නහාතක’ නම් වෙයි ...
7. 2. 4. 6.
[වේදගූ ධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
37. (මහණෙනි, කරුණු සතක්) විදිත හෙයින් ‘වේදගූ’ නම් වෙයි …