7. 1. 4. 2.
[හිරිගාරව සූත්රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, මේ රාත්රියෙහි රැය බෙහෙවින් ඉක්මයත් ම මනා සිරුරු පැහැ ඇති අන්යතර දෙවියෙක් මුළු ජේතවනය බබුළුවා මා කරා එළඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක් සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
වහන්ස, මෙ සත් කරුණුහු මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
ශාස්තෘගෞරව ඇති බව, ධර්මගෞරව ඇති බව, සඞ්ඝගෞරව ඇති බව, ශික්ෂාගෞරව ඇති බව, සමාධිගෞරව ඇති බව, හ්රීගෞරව ඇති බව, ඔතප්හි ගෞරව ඇති බව යි. වහන්ස, මෙ සත් කරුණුහු භික්ෂුහුගේ නො පිරිහීමට වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
32. මහණ ශාස්තෘගෞරව ඇතියේ ධර්මගෞරව ඇතියේ සඞ්ඝයා කෙරෙහි තීව්රගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ කෙලෙස් තවන වැර අතියේ ශික්ෂාහි ගෞරව ඇතියේ,
33. හ්රීයෙන් හා ඔතප් ගුණෙන් සමන්වාගත වූයේ ප්රතිශ්රය ඇතියේ ගෞරව සහිත වූයේ පරිහානියට අභව්ය වූයේ නිවන් හමුයෙහි ම වේ ය යි.
7. 1. 4. 3.
[පළමුවන සෝවචස්සතා සූත්රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ඒ රෑහි අභිකාන්තවර්ණ ඇති එක්තරා දෙවියෙක් බෙහෙවින් ඉක්මගිය රාත්රියෙහි මුළු ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි හිඳ ඒ දෙවි මට තෙල කරුණ පැවැසී ය:
වහන්ස, මෙ සත් කාරණයෝ භික්ෂුහුගේ නො පිරිහීම සඳහා වැටෙති. කවර සතෙක යත්:
සත්ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා සමාධිගාරවතා හා සෝවචස්සතා හා කල්යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
34. ශාස්තෘගෞරව ඇතියේ ධර්මගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දූ දෘඪගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ ආතාප ඇතියේ ශික්ෂාහි දෘඪගෞරව ඇතියේ,
35. කලණ මිතුරන් ඇතියේ අවවාදක්ෂම වූයේ ප්රතිශය (ගුරුගෞරව) ඇති ගෞරව සහිත වූයේ පරිහානියට අභව්ය වෙයි. නිර්වාණ සමීපයෙහි ම වේ යයි.
7. 1. 4. 4.
[දෙවෙනි සෝවචස්සතා සූත්රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, මේ රාත්රියෙහි අභිකාන්ත වර්ණයෙන් යුත් අන්යතර දෙවියෙක් මුළු දෙව්රම් වෙහෙර මැදියම් රෑහි එකලු කොට මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
වහන්ස, භික්ෂුහුගේ අපරිහානිය සඳහා මෙ කරුණු සතක් වැටේ. කවර සතෙක යත්:
සත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, සෝවචස්සතා, කල්යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ භික්ෂුහුගේ අපරිහානියට වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මේ කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළ හ. වහන්ස, භාග්යවතුන් විසින් සැකෙවින් වදාරණ ලද විස්තාරයෙන් විභාග නො කළ තෙල භාෂිතයාගේ අර්ත්ථය විස්තර විසින් මම මෙසේ දන්මි:
වහන්ස, මේ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරවතායෙහි ගුණ වණනුයේ ද වෙයි. ශාස්තෘගෞරව නැති යම්බඳු අන්ය මහණහු වෙත් නම්, ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති අන්ය යම් බඳු මහණහු වෙත් නම් භූත විසින් යාථාවයෙන් නිසි කල්හි ඔවුන්ගේ ද ගුණ බෙණෙයි. තෙමේ ද ධර්මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්ෂාගෞරව ඇතියේ වෙයි ... සමාධිගෞරව ඇතියේ වෙයි ... අවවාදක්ෂම වෙයි ... තෙමේද කලණ මිතුරන් ඇතියේ කල්යාණමිත්රතායෙහි වර්ණවාදී ද වෙයි. යම්බඳු අන්ය වූ ද කල්යාණ මිත්රයන් නැති භික්ෂූහු වෙත් නම්, ඔවුනුදු කල්යාණ මිත්රතායෙහි සමාදන් කරවයි. යම්බඳු අන්ය වූ ද කල්යාණ මිත්රයන් ඇති භික්ෂූහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ ගුණ තථ්ය කොට නිසි කල්හි කියන්නේ ය.
වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරනලද මෙ භාෂිතයාගේ අර්ත්ථය මෙසේ විතර විසින් දන්මි යි.
ශාරීපුත්රයෙනි, මැනැව, මැනැව, ශාරීපුත්රයෙනි, තෝ මා විසින් සැකෙවින් දෙසනලද මෙ භාෂිතයාගේ අර්ත්ථය මෙ පරිද්දෙන් විතර විසින් දන්හි නම් මැනැව.