7. 1. 3. 5.
[තෙවැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු ශ්‍රද්ධා ඇතියාහු වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු හිරි ඇතියාහු වෙත් ද ... ඔතප් ඇතියාහු වෙත් ද, බහුශ්‍රුත වෙත් ද ... රුකුළුවැර ඇති වෙත් ද ... ස්මෘතිමත් වෙත් ද ... ප්‍රඥාවත් වෙත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති විය යුතු.
මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටුනාහු ද, භික්‍ෂූහු දු මෙ සප්තාපරිහානීය ධර්‍මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්‍ෂූන්හට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.
7. 1. 3. 6.
[සිවුවැනි භික්ඛු අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. ඒ අසවු ... මහණෙනි, සප්ත අපරිහානිය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු සතිසම්බොජ්ඣඞ්ගය වඩත් ද, මහණෙනි, භික්‍ෂුන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමති විය යුතු.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... විරිය සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩත් ද ... පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩත් ද ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමති වියයුතු යයි.
මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පවත්නාහු නම්, භික්‍ෂුහු ද මෙ සප්ත අපරිහානීය ධර්‍මයන් කෙරෙහි පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යයි.
7. 1. 3. 7.
[පස්වැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි, ඒ අසව ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු අනිත්‍ය සංඥාව වඩත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු අනාත්මසංඥාව වඩත් නම් ... අශුභසංඥාව වඩත් නම් ... ආදීනව සංඥාව වඩත් නම් ... ප්‍රහාණසංඥා වඩත් නම් ... විරාග සංඥා වඩත් නම් ... නිරෝධසංඥා වඩත් නම් ... මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති වියයුතු.
මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි වැටෙත් ද, භික්‍ෂූහු ද මෙ සප්ත අපරිහානීය ධර්‍මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.