ඡක්කනිපාතයෙහි රාගාදිපෙය්යාල සූත්ර
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:
දර්ශනානුත්තරිය යැ, ශ්රවණානුත්තරිය යැ, ලාභානුත්තරිය යැ, ශික්ෂානූත්තරිය යැ, පරිචර්ය්යානුත්තරිය යැ, අනුස්මෘත්යානුත්තරිය යි.
මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:
බුද්ධානුස්මෘති යැ, ධර්මානුස්මෘති යැ, සඞ්ඝානුස්මෘති යැ, ශීලානුස්මෘති යැ, ත්යාගානුස්මෘති යැ, දේවතානුස්මෘති ය යි.
මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩියයුතු යයි.
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු යි. කවර සයෙක යත්:
අනිත්යසංඥා යැ, අනිත්යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්රහාණ සංඥා යැ, විරාගසංඥා යැ, නිරෝධ සංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
[සැවැත්නිදාන යි]
4-30. මහණෙනි, රාගයාගේ පරිඥානය සඳහා ... පරික්ෂය සඳහා ... ප්රහාණය සඳහා ... ක්ෂය සඳහා ... ව්යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්යාගය සඳහා ... ප්රතිනිඃසර්ගය සඳහා මේ කරුණු සය වැඩිය යුතු ය.
31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාන යැ සදහමෙක් වැඩියයුතු යැ ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥානය සඳහා ... පරික්ෂය සඳහා ... ප්රහාණය සඳහා ... ක්ෂය සඳහා ... ව්යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්යාගය සඳහා ... ප්රතිනිඃසර්ගය සඳහා මෙ සදහම් වැඩිය යුතු ය යි.
61-90. මහණෙනි, මෝහයාගේ ...
91-120. මහණෙනි, ක්රෝධයාගේ ...
121-150. මහණෙනි, උපනාහයාගේ ...
151-180. මහණෙනි, මක්ඛයාගේ ...
181-210. මහණෙනි, පලාසයාගේ ...
211-240. මහණෙනි, ඊර්ෂ්යාවගේ ...
241-270. මහණෙනි, මාත්සර්ය්යයාගේ ...
271-300. මහණෙනි, මායාවගේ ...
301-330. මහණෙනි, සාඨෙය්යයාගේ ...
331-360. මහණෙනි, ථම්භයාගේ ...
361-390. මහණෙනි, සාරම්භයාගේ ...
391-420. මහණෙනි, මානයාගේ ...
421-450. මහණෙනි, අතිමානයාගේ ...
451-480. මහණෙනි, මදයාගේ ...
481-510. මහණෙනි, ප්රමාදයාගේ අභිඥානය සඳහා ... පරිඥානය සඳහා ... පරික්ෂය සඳහා ... ප්රහාණය සඳහා ... ක්ෂය සඳහා ... ව්යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්යාගය සඳහා ... ප්රතිනිඃසර්ගය සඳහා කරුණු සයක් වැඩිය යුතු ය ... කවර සයෙක යත්: දර්ශනානුත්තරියැ ... අනුස්මෘත්යානුත්තරිය යි ... කවර සයෙක යත්: බුද්ධානුස්මෘතියැ ... කවර සයෙක යත්: අනිත්යසංඥා යැ ... මහණෙනි, ප්රමාදයාගේ අභිඥානය සඳහා ... පරිඥානය සඳහා ... පරික්ෂය සඳහා ... ප්රහාණය සඳහා ... ක්ෂය සඳහා ... ව්යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්යාගය සඳහා ... ප්රතිනිඃසර්ගය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
භාග්යවතුන් වහන්සේ මෙ වදාළසේක. ආප්තමන එ භික්ෂූහු භාග්යවතුන්ගේ භාෂිතය සතුටින් පිළිගත්හයි.
රාගාදිපෙය්යාලය නිමි.
ඡක්කනිපාතය සමාප්ත යි.