6. 2. 4. 6.
[පහීණ සූත්රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, දිට්ඨිසම්පන්න (සෝවන්) පුද්ගලයාගේ මෙ දහම් සය ප්රහීණ ය. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
මහණෙනි, මෙ දහම් සය දිට්ඨිසම්පන්න පුඟුල්හට ප්රහීණ යි.
6. 2. 4. 7.
[අභබ්බ සූත්රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, දිටුසපන් පුඟුල් (සෝවන් පුද්ගල) කරුණු සයක් උපදවන්නට අභව්ය වෙයි. කවර සයෙක යත්:
සක්කාය දිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
මහණෙනි, දිටුසපන් පුඟුල් මෙ කරුණු සය උපදවන්නට නො පොහොසත් වේ ය යි.
6. 2. 4. 8.
[අභබ්බට්ඨාන සූත්රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, මෙ අභව්යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න පුද්ගල ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව ප්රතිශ්රය නැති ව වසන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්මය කෙරෙහි අගෞරව ඇති ව ප්රතිශ්රය නැති ව වසන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්රතිශ්රය නැති ව වසන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්ෂායෙහි ගෞරව නැති ව ප්රතිශ්රය නැති ව වසන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල අනාගමනීය (පඤ්චවේර-ද්වාසට්ඨිදිට්ඨි යන) කරුණට ප්රත්යාගමන (ආපසු පැමිණීම) කරන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල (කාමාවචර භූමියෙහි) අෂ්ටම භවයක් උපදවන්නට නො නිසි වෙයි.
මහණෙනි, මේ අභව්යස්ථාන සය යි.
6. 2. 4. 9.
[දුතිය අභබ්බට්ඨාන සූත්රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මෙ අභව්යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් නිත්ය විසින් පිළිගන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් ශුභ විසින් පිළිගන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි ධර්මයක් ආත්ම විසින් ගන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ආනන්තර්ය්යකර්ම කරන්නට අභව්ය වෙයි, දෘෂ්ටි සම්පන්න පුද්ගල (දිට්ඨ සුත මුත සඞ්ඛ්යාත) කොතුහලමඞ්ගලයෙන් ශුද්ධිය කරා හැරීමට (පිරිසුදුබව පිළිගැණීමට) අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල මෙ සස්නෙන් බැහැර දක්ෂිණාර්හයකු සොයන්නට අභව්ය වෙයි.
මහණෙනි, මෙ අභව්යස්ථාන සය යි.
6. 2. 4. 10.
[තතිය අභබ්බට්ඨාන සූත්රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, මෙ අභව්යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවියෙන් ගළවන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල පියා දිවියෙන් ගළවන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල රහතුන් දිවියෙන් ගළවන්නට අභව්ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙන් ලෙහෙ උපදවන්නට අභව්ය වෙයි, after this sentence add the sixth item, the translation of the Pāli «අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං» (a person with right view cannot take another teacher), in the same pattern as the five before it; sutta 1. 15. 9. translates the same Pāli words as «අන්යශාස්තෘ කෙනෙකුන් උදෙසා»
මහණෙනි, මෙ අභව්යස්ථාන සය යි.
6. 2. 4. 11.
[චතුත්ථ අභබ්බට්ඨාන සූත්රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මෙ අභව්යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙම ස්වයංකෘත (තමා විසින් කරණ ලදැයි ආත්මවාදීන් කියන) සුඛදුඃඛ (නිත්ය ශුභ ආත්ම විසින් පිළිගන්නට අභව්ය වෙයි). දෘෂ්ටිසම්පන්න පුද්ගල පරකෘත (පරා විසින් කරණ ලදැයි කියන) සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල ස්වයංකෘත වූත් පරකෘත වූත් සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ අධීත්යසමුත්පන්න (හේතු රහිතව උපන්) සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අපරංකාර වූ අධීත්යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ ද අපරංකාර වූ ද අධීත්යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි.
එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් එ දෘෂ්ටිසම්පන්න පුද්ගලයා විසින් හේතුව ද හේතුසමුත්පන්න ධර්මයෝ ද මොනොවට දක්නා ලද්දාහු ද, එහෙයිනි.
මහණෙනි, මෙ අභව්යස්ථාන සය යි.
සීතිවර්ගය සතර වැනි යි.
එහි උද්දානය:
සීතිභාව සූත්රය, ආවරණ සූත්රය, වෝරෝපිත සූත්රය, සුස්සූසති සූත්රය, අප්පහාය සූත්රය, පහීණ සූත්රය, අභබ්බ සූත්රය, පඨම, දුතිය, තතිය, චතුත්ථ අභබ්බට්ඨාන සූත්රයෝ දැයි සූත්ර එකොළොසෙකි.