6. 2. 1. 9.
[නිබ්බේධික සූත්රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, තොපට ‘නිබ්බේධික පරියාය’ නම් ධර්මපර්ය්යා ය දෙසමි. එ අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හය. ‘වහන්ස, එසේ ය’යි එ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
මහණෙනි, නිබ්බේධිකපරියාය නම් ධර්මපර්ය්යා ය කවරේ ය යත්:
මහණෙනි, කාමයෝ දතයුතු වෙත්. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු වෙයි. කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්යාත නානාකරණය දතයුතු වෙයි. කාමයන්ගේ විපාකය දතයුතු වෙයි. කාමනිරෝධය දතයුතු වෙයි. කාමනිරෝධගාමිනීප්රතිපද් දතයුතු වේ.
මහණෙනි, වේදනා දතයුතු ය. වේදනාවන්ගේ නිදානසම්භවය දතයුතුය. වේදනාවන්ගේ වේමත්තතා සඞ්ඛ්යාත නානාකරණය දතයුතු ය. වේදනාවන්ගේ විපාකය දතයුතු ය. වේදනානිරෝධය දතයුතු ය. වේදනානිරෝධගාමිනීප්රතිපද් දතයුතු යි.
මහණෙනි, සංඥා දතයුතු ය. සංඥාවන්ගේ නිදානසම්භවය දතයුතු ය. සංඥාවන්ගේ වේමත්තතාව දතයුතු ය. සංඥාවන්ගේ විපාකය දතයුතු ය. සංඥානිරෝධය දතයුතු ය. සංඥානිරෝධගාමිනීප්රතිපද් දතයුතු යි.
මහණෙනි, ආස්රවයෝ දතයුත්තාහ. ආස්රවයන්ගේ නිදානසසම්භවය දතයුතු වෙයි. ආස්රවයන්ගේ වේමත්තතාව දතයුතු ය. ආස්රවයන්ගේ විපාක දතයුතු ය. ආස්රවනිරෝධය දතයුතු ය. ආස්රවනිරෝධගාමිනී ප්රතිපද් දතයුතු යි.
මහණෙනි, කර්මය දතයුතු ය. කර්මයන්ගේ නිදානසම්භවය දතයුතු ය. කර්මයන්ගේ වේමත්තතාව දතයුතු ය. කර්මවිපාකය දතයුතු ය. කර්මනිරෝධය දතයුතු ය. කර්මනිරෝධගාමිනීප්රතිපද් දතයුතු යි.
මහණෙනි, දුඃඛය දතයුතු ය. දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය. දුඃඛයාගේ වේමත්තතාව දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛනිරෝධය දතයුතු ය. දුඃඛනිරෝධගාමිනීප්රතිපද් දතයුතු යි.
(1) “මහණෙනි, කාමයෝ දතයුත්තාහ. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු. කාමයන්ගේ වේමත්තතාව දතයුතු. කාමයන්ගේ විපාකය දතයුතු. කාමනිරෝධය දතයුතු. කාමනිරෝධගාමිනීප්රතිපද් දතයුතු ය”යි තෙල යමක් කියනලද නම්, තෙල කුමක් ඇරැබ කියනලද යැ යත්:
මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්ෂුර් විඥේය රූපයෝය ... ශ්රෝතවිඥේය ශබ්දයෝ ය ... ඝ්රාණවිඥේය ගන්ධයෝ ය ... ජිව්හා විඥේය රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රජනීය වූ කායවිඥේය ස්ප්රෂ්ටව්යයෝ ය යි, මෙ කාමගුණ පසෙක. මහණෙනි, වැලිත් මොහු කාමයෝ නො වෙති. මොහු ආර්ය්යයන්ගේ විනයෙහි කාමගුණ නම්හයි කියනු ලැබෙත්.
66. ලොවුහි පුරුෂයක් හට සඞ්කල්ප විසින් උපන් රාගය, කාම වෙයි. යම්බඳු විසිතුරු ආලම්බනයෝ වෙත් නම්, තුලුහු කාම නො වෙත්. පුරුෂයාගේ සඞ්කල්පරාගය ම කාම වෙයි. ලොව්හි විසිතුරු වස්තූහු එලෙසින් ම සිටුනාහ. වැලිත් එ අරමුණු කෙරේ උපන් ඡන්දරාගය ධීරයෝ විනයනය කරත්.
මහණෙනි, කාමයන්ගේ නිදාන සම්භවය (උප්පත්ති කාරණ) කවරේ ය යත්: මහණෙනි, ස්පර්ශය කාමයන්ගේ නිදානසම්භවය යි.
මහණෙනි, කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්යාත නානාකරණය කවරේ ය යත්: මහණෙනි, රූපාලම්බනයෙහි කාමය අනෙකෙකි, ශබ්දාලම්බනයෙහි කාමය අනෙකෙකි. ගන්ධාලම්බනයෙහි කාමය අනෙකෙකි. රසාලම්බනයෙහි කාමය අනෙකෙකි. ස්ප්රෂ්ටව්යාලම්බනයෙහි කාමය අනෙකෙකි. මහණෙනි, මෙ කාමයන්හි වේමත්තතා යි කියනු ලැබේ.
මහණෙනි, කාමයන්ගේ විපාක කවරේ ය යත්: යම් ආත්මභාවයක් කැමැති වනුයේ එයිනෙයින් උපන් පුණ්යභාගිය වූ හෝ අපුණ්යභාගිය වූ හෝ ආත්මභාවයක් උපදවා නම්, මහණෙනි, කාමයන්ගේ මෙ විපාක යි කියනු ලැබේ.
මහණෙනි, කාමනිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්ශනිරෝධය කාමනිරෝධය යි.
මෙ අරිඅටඟි මඟ ම කාමනිරෝධගාමිනීප්රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධිය යි.
මහණෙනි, යම් කලෙක පටන් අරීසවු මෙසෙයින් කාමයන් දන්නේ ද, මෙසෙයින් කාමයන්ගේ නිදානසම්භවය දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ වේමත්තතා දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ විපාක දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ නිරෝධය දන්නේ ද, මෙසෙයින් කාමයන්ගේ නිරෝධගාමිනීප්රතිපදා දන්නේ ද, හෙ මෙ නිර්වේධක බ්රහ්මචර්ය්යය වූ කාම නිරෝධය දන්නේ ය.
“මහණෙනි, කාමයෝ දතයුත්තාහ ... කාමනිරෝධගාමිනිපටිපදා දතයුතු ය”යි මෙසෙයින් තෙල යමක් කියනලද නම්, තෙල කරුණ මෙ සඳහා කියනලද.