6. 2. 1. 10.
[සීහනාද සූත්රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, යම් බලයෙකින් සමන්වාගත තථාගතයෝ ශ්රේෂ්ඨස්ථානය ප්රතිජානන කෙරෙත් නම්, පිරිස්හි සිංහනාද කෙරෙත් නම්, ශ්රේෂ්ඨ ඥානචක්ර සඞ්ඛ්යාත බ්රහ්මචක්රය පවත්වත් නම්, තථාගතයන්ගේ මෙ එ බඳු තථාගතබල සයෙක. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ ලොව්හි තථාගතයෝ ස්ථාන ස්ථාන (හේතු) විසින් ද, අස්ථාන අස්ථාන (අහේතු) විසින් ද, යථාභූතය දන්නාහ. මහණෙනි, තථාගතයෝ යම් හෙයෙකින් ස්ථානය ස්ථාන විසින් ද, අස්ථානයන අස්ථාන විසින් ද දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්රේෂ්ඨ ස්ථානය පිළිදන්නාහු පිරිස්හි අභීතනාද කෙරෙත් ද, ශ්රේෂ්ඨඥානචක්රය පවත්වත් ද, මෙ තථාගතයන්ගේ එ තථාගතබල වෙයි.
(2) තවද මහණෙනි, තථාගතයෝ ස්ථාන විසින් හේතු විසින් අතීත අනාගත ප්රත්යුත්පන්නකර්මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ස්ථාන විසින් හේතු විසින් අතීත අනාගත ප්රත්යුත්පන්නකර්මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට දනිත් ද, මහණෙනි, තථාගතයෝ යම් බලයකට පැමිණ ශ්රේෂ්ඨ ස්ථානය පිළිදන්නාහු නම්, පිරිස්හි අභීතනාද කෙරෙත් නම්, බ්රහ්මචක්රය පවත්වත් නම්, තථාගතයන්ගේ මෙ එ තථාගතබලය වෙයි.
(3) තවද මහණෙනි, තථාගතයෝ ධ්යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශය ව්යවදානය ව්යුත්ථානය යථාභූතයෙන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ධ්යාන විමෝක්ෂ සමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය ව්යවදානය ව්යුත්ථානය යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, තථාගතයෝ යම් බලයකට පැමිණ ශ්රේෂ්ඨස්ථානය පිළිදන්නාහු නම්, පිරිස්හි සීහනාද කෙරෙත් නම්, බඹසක් පවත්වත් නම්, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල වෙයි.
(4) තවද මහණෙනි, තථාගතයෝ අනේකවිධ පූර්වේනිවාස සිහිකෙරෙති. හෙ කිසේ ය යත්: එක් ජාතියකුදු සිහිකෙරෙත්, ජාති දෙකකුදු ... මෙ සේ ආකාර සහිත ව උද්දේස සහිත ව අනේකවිධ පූර්වේනිවාස සිහි කරත්. මහණෙනි, යම්හෙයෙකින් තථාගතයෝ අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරෙත් ද, එ කිසේය යත්: එක් ජායකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර ඇති උද්දේස ඇති අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරෙත් ද, මහණෙනි, තථාගතයෝ යම්බලයකට පැමිණ ශ්රේෂ්ඨස්ථානය පිළිණ කෙරෙත් නම්, පිරිස්හි සිංහනාද කෙරෙත් නම්, බඹසක්පවත්වත් නම්, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල වෙයි.
(5) තවද මහණෙනි, තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය ... දිවැසින් කම් වූ පරිදි මියයන සත්ත්වයන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ... යථා කර්මෝපගසත්ත්වයන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණි තථාගතයෝ ශ්රේෂ්ඨස්ථානය පිළිදන්නාහු ද, අටපිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්රහ්මචක්රය පවත්වන්නාහු ද, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල යි.
(6) තවද මහණෙනි, තථාගතයන් වහන්සේ ආස්රවක්ෂයයෙන් ... විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වාස කරත්. මහණෙනි, යම්හෙයෙකින් තථාගතයන් වහන්සේ ආස්රවක්ෂයයෙන් ... සාක්ෂාත් කොට එළඹ වෙසෙත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පිරිස්හි ශ්රේෂ්ඨනාද කෙරෙත් ද, බඹසක් පවත්වන්නාහු ද, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගත බල යි.
මහණෙනි, යම් බලයෙකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්රේෂ්ඨස්ථානය පිළිණ කෙරෙත් ද, පිරිස්හි අභීතනාද කෙරෙත් ද, බ්රහ්මචක්රය පවත්වන්නාහු ද, තථාගතයන් වහන්සේගේ මේ ඒ ෂඩ්තථාගත බල යි.
මහණෙනි, එහිලා ඉඳින් අන්යයෝ තථාගතයන් කරා පැමිණ කාරණය කාරණ විසින් ද අකාරණය අකාරණ විසින් ද, තත් වූ පරිදි නැණින් පැන පුළුවුස්නාහු ද, මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් යම් යම් පරිදි කාරණය කාරණ විසිනුත් අකාරණය අකාරණ විසිනුත් යථාභූතය දන්නාලද්දේ ද, ඒ ඒ පරිදි තථාගතයන් වහන්සේ ඔවුනට ස්ථානය ස්ථානය වශයෙනුත් අස්ථානය අස්ථානය වශයෙනුත් තත්වූ පරිදි ඤාණයෙන් පැන පුළුවුස්නාලද සේක් විවරණ කරන්නාහ.