[රාගාදිපෙය්‍යාලය]
[සැවැත්නිදාන යි]
6-850. මහණෙනි, රාගය (සාමාන්‍ය ලක්‍ෂණ විසින්) දන්නා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... දුරැලීම පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
අශුභසංඥා යැ ... මේ පස් දහම්හු වැඩිය යුත්තාහයි.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... බද්ධවෛරයාගේ ... මක්ඛයාගේ ... යුගග්‍රාහයාගේ .. ඊර්‍ෂ්‍යාවගේ .. මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ .. ශාඨ්‍යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ (අභිජානනය පිණිස) ...
මහණෙනි, ප්‍රමාදයාගේ අභිජානනය පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... දුරැලීම පිණිස පඤ්චධර්‍ම කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පඤ්චධර්‍මයෝ ද යත්:
ශ්‍රද්ධාබල යැ, වීර්‍ය්‍යබල යැ, ස්මෘතිබල යැ, සමාධිබල යැ, ප්‍රඥාබල යි.
මහණෙනි, ප්‍රමාදයාගේ දුරැලීම පිණිස මේ පඤ්චධර්‍මයෝ වැඩිය යුත්තාහ’යි.
රාගාදිපෙය්‍යාලය නිමි.
එහි උද්දානය:
අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන, ඛය, වය, විරාග, නිරෝධ, චාග, පටිනිස්සග්ග යන මේ දසය අර්‍ත්‍ථපද යි.
පඤ්චකනිපාතයෙහි වර්‍ගයන්ගේ මේ අනුපිළිවෙළ ය:
සේඛබල වර්‍ගය, බල වර්‍ගය, පඤ්චඞ්ගික වර්‍ගය, සුමනා වර්‍ගය, මුණ්ඩරාජ වර්‍ගය, නීවරණ වර්‍ගය, සඤ්ඤා වර්‍ගය, අට වැනි යෝධාජීව වර්‍ගය ද,
ථේර වර්‍ගය, කකුධ වර්‍ගය, ඵාසුවිහාර වර්‍ගය, අන්‍ධකවින්‍ද දොළොස්වන වර්‍ගය, ගිලාන වර්‍ගය, රාජ වර්‍ගය, තිකණ්ඩ වර්‍ගය, සද්ධම්ම වර්‍ගය, ආඝාත වර්‍ගය, උපාසක වර්‍ගය ද,
අරඤ්ඤ වර්‍ගය, බ්‍රාහ්මණ (සෝණ) වර්‍ගය, කිම්බිල වර්‍ගය, අක්කෝසක වර්‍ගය, දීඝචාරික වර්‍ගය, ආවාසික වර්‍ගය , දුච්චරිත වර්‍ගය, උපසම්පදා වර්‍ගය යන මොහු යි.
පඤ්චකනිපාතය සමාප්ත යි.